කිරි තේ මිලත් අඩු කෙරේ

Date:

හෙට (27) සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, මෙතෙක් රුපියල් 100 ක්ව පැවති කිරි තේ කෝප්පයක මිල රුපියල් 90 දක්වා අඩුකරන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ.

ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට කිරිපිටි සමාගම් ගෙන ඇති තීරණය සැලකිල්ලට ගනිමින් මෙසේ කිරි තේ මිල අඩුකිරීමට තීරණය කළ බවත් ඒ මහතා පැවසීය.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් ද කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 80 කින් ද හෙට සිට අඩුකිරීමට කිරිපිටි සමාගම් තීරණය කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...