බස් ගාස්තු අඩුවෙයිද???

Date:

සටහන – රෂිකා හෙන්නායක

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මිල සූත්‍රයකට අනුව බස් ගාස්තු සංශෝධනය වන බවය.
ඒ පිළිබඳ ඔහු දැක්වූ අදහස්,

“දැන් ප්‍රවාහන ගාස්තු අඩුවෙන්න පුළුවන්. මොකද විනිමය අනුපාතය ස්ථාවර වුණොත් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩු වුණොත් අපේ ඉන්ධන පිරිවැය අඩු වෙනවා. ඒ වගේම අනෙකුත් අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙන්න පුළුවන්. මිල සූත්‍රයකට අනුවයි බස් ගාස්තුව අඩුවෙන්නේ. කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මිල සූත්‍රයකට අනුව බස් ගාස්තුව අඩුකරන්න පුළුවන් වෙන ආකාරයේ මිල අඩුවීමක් වෙයි කියලා. ඒ මිල සූත්‍රයකට අනුව ඇත්තවශයෙන්ම මිල අඩුවෙනකොට අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙනවා. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවෙනකොට ඒ වැඩි වෙන අවස්ථාවේදී වැඩිවීමක් සිදු වෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...

දරුවන්ගේ නිහඬ මාරයා : screen time හෘදයාබාධ හා පරිවෘත්තීය අවදානමට අත වනයි

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : ළමුන් සහ නව...