තීරණයක් ගත් ජනක රත්නායක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසන්නේ තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හේතු වූ කරුණු පිළිබඳ මේ වනවිට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවයි .

තමාට එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද දැනුම් දෙන ඒ මහතා, එම දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් තමා මුදල් අමාත්‍යාංශය වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය .මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට පෙබරවාරි 16 වැනිදා මුද්‍රා තැබීය.

දින 13කට පසුව මුද්‍රා ඉවත් කෙරුණු මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාර්යාලයේ ලිපි ගොනු සියල්ල පොලීසිය සිය භාරයට ගැනීමට ද කටයුතු කළ අතර ,ඒ කඩාකප්පල්කාරී පිරිසක් එහි රාජ්‍ය වටිනාකමක් ඇති ලිපි ගොනු අස්ථානගත කිරීමට හෝ විනාශ කිරීමට උත්සාහයක් ඇති බවට කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...