*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/29

  1. හරිත ආර්ථිකයට ඇතුළුවන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පරිසර අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ දේශගුණික විපර්යාස කාර්යාලය එක්ව ඉදිරි මාස දෙක තුළ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු වූ හරිත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට කටයුතු කරන බව දක්වයි.
  2. හම්බන්තොට යෝජිත නව පිරිපහදුව සඳහා සමාගම් හතක් අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපි ඉදිරිපත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපි ඇගයීමට ලක් කර සුදුසු අයදුම්කරුවන්ට ව්‍යාපෘති යෝජනා අයදුම්කිරීම සඳහා ඉල්ලීම් නිකුත් කරනු ඇත.
  3. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් තමන් ඉවත් කළේ කුමන හේතු මතද යන්න පිළිබඳව තමාට නිල වශයෙන් දැනුම් දුන් බව ජනක රත්නායක තහවුරු කරයි. ඔහුට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි; ඔහුගේ ප්‍රතිචාරය ලිඛිතව මුදල් අමාත්‍යාංශයට යවන බවද වැඩිදුරටත් පවසයි.
  4. ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර තොගය මුදා හැරීමට අවශ්‍ය සහතිකය මේ සතිය තුළ අවසන් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්‍ෂණ ඒකකය අවධාරණය කරයි.ක්‍රියාවලියට අවම වශයෙන් දින තුනක්වත් ගත විය හැකි බව සඳහන් කරයි.
  5. MV X-Press Pearl ව්‍යසනයෙන් සිදුවූ පරිසර හානියට වන්දි ඉල්ලා නඩු පැවරීම සම්බන්ධයෙන් මත දෙකක් මතුව ඇතැයි පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නම්පෙරුම පවසයි – මේ සම්බන්ධයෙන් අප්‍රේල් මුල සතියේ පොදු එකඟතාවකට පැමිණීමට කමිටුව කටයුතු කරනු ඇති බව පවසයි; ව්‍යසනයෙන් සිදුවූ පරිසර හානිය ගණනය කිරීම සඳහා නෞකාව ගිලී ගිය ස්ථානය පරීක්ෂා කිරීමට නීතිමය අවසර ලබා නොදෙන බව ද පවසයි.
  6. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ගෝලීය විශ්වාසය ගොඩනැගීම සඳහා තවත් පියවර කිහිපයක් ගත යුතු බව Verité Research හි අධ්‍යක්ෂ සහ ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් ද මෙල් පවසයි. රට මුහුණ දෙන මීළඟ අභියෝග වන්නේ එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථක කර ගැනීම සහ ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමයි.
  7. ප්‍රතිපත්ති, ආයතනික සහ වෘත්තීය මට්ටමින් ශක්තිමත් ජාතික ඇගයුම් හැකියාවන් වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම පිළිබඳව UNFPA ශ්‍රී ලංකාවට සුබ පතයි. විශේෂයෙන් රාජ්‍ය අංශයේ ඇගයීම් ප්‍රවර්ධනය කිරීමෙහිලා ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ නායකත්වය UNFPA නියෝජිත පිරිස ප්‍රශංසා කරයි, රට මුහුණ දී සිටින අභියෝගවලට මුහුණ දීමේදී ඔහු ‘සැලකිය යුතු කාර්යභාරයක්’ ඉටු කරනු ඇතැයි ඔවුහු පවසති.
  8. ජනතාව සතු විරෝධතා දැක්වීමේ අයිතිය මර්දනය කිරීම පිළිබඳව ගෝලීය මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානයක් වන ඇම්නස්ටි ඉන්ටනැෂනල් හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ දිප්‍රොස් මුචෙනාගෙන් ප්‍රභල ප්‍රකාශයක්: ජනතාවගේ විරෝධතා දැක්වීමේ අයිතිය උල්ලංඝනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ද පසුවන බවත්, මෙම මර්දනය සැලසුම්සහගතව දියත් කළ එකක් බවත් පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව සම්බන්ධයෙන් විනිවිදභාවය තහවුරු කරන මෙන් ද ඉල්ලා සිටියි.
  9. ප්‍රවීන ගායක, ගීත රචක සහ සංගීතවේදී මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වේ.
  10. දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන සංහිඳියාව සහ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ අධ්‍යයන චාරිකාවක් සඳහා ‘යුධ අපරාධකරුවන්’ යැයි කියනු ලබන පුද්ගලයන්ට සම්බන්ධ පාර්ශවයන් ශ්‍රී ලංකා නියෝජිතයන් ලෙස ගෙන්වා ගැනීමට දකුණු අප්‍රිකානු රජය කටයුතු කිරීම පිළබඳව එරට ප්‍රමුඛ මානව හිමිකම් සන්ධානයක් ප්‍රශ්න කර සිටියි – මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, සිවිල් සමාජය මර්දනය කිරීම සහ 1983 – 2009 සිවිල් යුධ තත්ත්වයේදී සිදු කරන ලද ‘බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්’ සඳහා සාපරාධී වගවීම සහතික කිරීමට ශ්‍රී ලංකා රජය අසමත් වීම පිළිබඳ චෝදනා සැලකිල්ලට ගනිමින්, අලි සබ්රි සහ විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් මෙම වැඩසටහන සඳහා දකුණු අප්‍රිකාවට ගෙන්වා ගැනීම ගැටලුකාරී බව එම සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
http://bit.ly/3lAQ1Fn

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan