රගර් මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයට රවි නාගහවත්ත

කොළඹ (LNW): කෘතහස්ත ජනමාධ්‍යවේදියෙක් මෙන්ම ඉංග්‍රිසි සාහිත්‍යයේ නියැලෙන සුවිශේෂි ලේඛකයෙක් ද වන රවී නාගහවත්ත ශ්‍රී ලංකා රගර් හී මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයට තේරී පත් වී ඇත.ක්‍රීඩා විෂයෙහි පමණක් නොවන විවිධ විෂයන් හී රවීගේ මාධ්‍ය හැසිරීම නැවුම් මෙන්ම ගවේෂණාත්මක කරුණු වලින් පෝෂණය වූවකි.කරුණු සොයා යාමේ පිපාසිත මාධ්‍ය භාවිතය හරහා ලද අත්දැකීම් ඔහුගේ නිර්මාණශීලී සාහිත ලේඛණයේ දී ද බෙහෙවින් වැදගත් වී ඇත.

රසවත් සහ හරවත් ලියන්නෙක් සේ මාධ්‍ය කේෂ්ත්‍රයේ මෙන්ම සාහිත්‍ය කේෂ්ත්‍රයේ ද පතල රවී ක්‍රීඩා මාධ්‍යවේදියෙක් සේ ද සුවිශේෂි කාර්යයක් ලංකාවේ ක්‍රීඩා මාධ්‍ය වෙනුවෙන් ඉටු කළ අයෙකි.වසර විසි හතක් පුවත්පත් මත ක්‍රීඩාව හා සබැඳි අපූරු අකුරු වියමනකින් රටා මැවූ රවී, රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයකින් යුතුව ලිවීමේ දීර්ඝ අත්දැකීම් ඇති අයෙකි.ඒ නිසා රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔහු සතු අත්දැකීම් සමඟ නව තනතුර හරහා ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට විශාල සේවයක් කරනු ඇතැයි සිතිය හැකිය.

ක්‍රීඩාව සහ ඒ ආශ්‍රිතව රගර් සම්බන්ධයෙන් පළල් දැක්මකින් යුතුව ලේඛණයේ යෙදෙන රවීගේ සාහිත්‍යමය දායකත්වය ගැන කතා කරද්දී මඟ හැර යා නොහැකි කෘතියක් වන්නේ ‘Almond Street Cries’ නම් කෙටි කතා සංග්‍රහය ය.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ශිල්ප හදාරා ඇති රවී අදහස් ප්‍රකාශ කිරීමේදී සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් යන මාධ්‍ය දෙකෙන්ම දක්වන පරිනත භාවය ඉතා වැදගත් වේ.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...