කැඩී විසිරුණු දූළි පොළොවක..පිපී දිළිහුණු නෙළුම් කැකුළු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වත්තල, තෙලඟපාත , රතනපාල විද්‍යාලයේ අඩු ආදායම්ලාභී දරුවන් සඳහා පාසල් බෑග් 100ක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් සහ වත්තල , හේකිත්ත දොන් බොස්කො විද්‍යාලයේ දරුවන් සඳහා පාසල් බෑග් 90ක් පරිත්‍යාග කිරීම අද දින (02) නෙළුම් යාය පදනම ඔස්සේ සංවිධානය කර තිබුණි.

මෙම මහඟු කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් රතනපාල විද්‍යාලයේ උප විදුහල්පති මහෙන්ද්‍ර ගුණවර්ධන මහතාටත්, දොන් බොස්කො විද්‍යාලයේ විදුහල්පති අමිත් මහතාටත් ස්තූතියි පිරිනමමු.

අනේක දුක් කම්කටොලු මැද තම අධ්‍යාපන කටයුතු කරගෙන යන මෙම දරුවන්ගේ එම දුෂ්කරතා මොහොතකට හෝ මගහරවා ගැනීමට නෙලුම් යාය පදනමේ අපි හැකි සෑම මොහොතකම උත්සාහ දරන්නෙමු.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ (Colombo International Container Terminals) ප්‍රධාන විධායක නිලධාරී Jack Huang සහ දිනේෂ් වීරක්කොඩි පදනම (Dinesh Weerakkody Foundation) විසිනි.

හෙට ලොව ජයගන්නට වෙරදරන සැගවුණ අපේම මල්වන් අනාගත පරපුරට ඔබටත් හැකිනම් , අප සමඟ එක්වී දායකත්වය ලබා දෙන්න .

[email protected] ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

නෙළුම් යාය පදනමෙහි තවත් එක් සමාජ සත්කාරයක අවසානය මෙසේ සනිටුහන් කරමින් , නුදුරේදීම තවත් මෙවැනිම පරිත්‍යාගයකින් අපි යළිත් හමුවෙමු !!!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...