අප්‍රේල් 4 වෙනිදා පාර්ලිමේන්තුවේ ග්‍රහමාරුවක් ?

Date:

අප්‍රේල් 04 වෙනිදා පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ඒ. එච්. එම්. ෆවුසි ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ආණ්ඩු පක්ෂයට එකතු වන්නේ යැයි දැනට තහවුරු කර ඇති බවටයි දේශපාලන ක්ෂේත්‍රය තුළ කටකතා පැතිර ගොස් ඇත්තේ.

මේ අතර ඇමති තනතුරු නොලැබීම ඇතුළු හේතූන් නිසා දැනට ආණ්ඩුව තුළ කළකිරීමෙන් පසුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට නියමිත බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. ඔවුන් මෙසේ මුලින් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වී පසුව සමගි ජන බලවේගයට එකතු වීමට නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් නම් ආණ්ඩුවට සහාය දීම සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම සෘජුව සහ වක්‍රව ඉඟි පළ කර තිබිණි. කෙසේවෙතත් මේ පිළිබඳ විමසීම සඳහා අප ඔවුන්ව දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.

මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම නිසා ලද අහඹු අවස්ථාවකින් පාර්ලිමේන්තු පැමිණි ෆවුසි මහතා ආණ්ඩුවට එකතු වීම ගැන නම් කිසිවකු වැඩිපුර දොස් නොකියනු ඇත්තේ මේ ඔහුගේ අවසාන පාර්ලිමේන්තු ධුර කාලය වීමට ඉඩ ඇති නිසා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපති ප්‍රශ්නය නිමයි. ව්‍යවස්ථා සභාවෙන් අනුමැතිය ලැබෙයි!

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන එල්. එස්....

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...