*
Thursday, January 9, 2025
spot_img

Latest Posts

73 වන ඉන්දීය ජනරජය දිනය නිමිත්තෙන් පැවති ප්‍රිය සම්භාෂණය

73 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා සිය නිල නිවසේදී ඉන්දියාවේ මිතුරන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් 2022 ජනවාරි 26 වන දින පැවැත්වීය. දැඩි කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවති මෙම උත්සවය සඳහා අමුත්තන් 500කට අධික පිරිසක් සහභාගී වූහ. 

මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මැතිතුමා ගෞරවනීය අමුත්තා ලෙස සහභාගී විය. හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා, කැබිනට් අමාත්‍යවරු දහයකට වැඩි පිරිසක්, රාජ්‍ය අමාත්‍යවරු සහ පක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක නායකයන් පැමිණ සිටි විශේෂ අමුත්තන් අතර විය. 

සම්භාවනීය අමුත්තන් පිළිගනිමින්, මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට කේන්ද්‍රීය ස්ථානයක් හිමි වන බවයි. භාෂාව, සංස්කෘතිය සහ ඉතිහාසය යනාදි ක්ෂේත්‍ර පුරා පවතින වසර දහස් ගණනක් පැරණි බැඳීම් දෙරට අතර සබඳතාවයේ පදනම වන බව එතුමා අවධාරණය කළේය. ඉන්දියාව ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව තවදුරටත් ඔවුන්ට සහයෝගය ලබා දෙනු ඇති බව ද එතුමා පැවසීය. ඒකාබද්ධ වැඩසටහන් හරහා දෙරටෙහි ම 75 වන නිදහස් දිනය සැමරීම සඳහා වන සැලසුම් පිළිබඳව ද එතුමා මෙහිදී සඳහන් කරන ලදී.  

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මැතිතිමා විසින් නිකුත් කරන ලද විශේෂ වීඩියෝ පණිවුඩයක් ද මෙම අවස්ථාවේ දී විකාශය කරන ලදී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විශේෂ සබඳතාවයක් පවතින බව අවධාරණය කළ එතුමා මෑත කාලය තුළ දෙරට අතර පවතින සමීප ආර්ථික සහයෝගීතාවය පිළිබඳව ද සඳහන් කළේය. දෙරටෙහි නායකත්වය අතර තිබෙන වැටහීම සහ ජනතාව අතර තිබෙන ගැඹුරු බැඳීම් ද්විපාර්ශවික සබඳතාවයට තවදුරටත් ජවය සපයනු ඇති බවට එතුමා විශ්වාසය පළ කළේය. 

ගෞරවනීය අමුත්තා ලෙස සහභාගී වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මැතිතුමා ඉන්දියාව ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල සහ රටෙහි ආර්ථිකයේ සෑම පැතිකඩක්ම ස්පර්ශ කර ඇති බව සඳහන් කළේය. ඉන්දියානු සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘතීන් සෞඛ්‍යය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් වැනි පුළුල් ක්ෂේත්‍ර රැසක ක්‍රියාත්මක බව ද එතුමා ප්‍රකාශ කළේය. දෙරට අතර ද්විපාර්ශවික සබඳතාවය ‘විශ්වාසය, මිත්‍රත්වය, සුහදත්වය සහ අනෙකා පිළිබඳ සැලකීම’ යන කරුණු මත පදනම් වූවක් බව ද ‘වටිනාකම්, වැටහීම් සහ විශ්වාසයන්’ මත ශක්තිමත් වූවක් බව ද එතුමා සඳහන් කළේය. 

දෙශනේතෘ ආචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන් මහත්මිය විසින් ඉන්දියානු සහ ශ්‍රී ලාංකික නර්තන සම්ප්‍රදායන් සුසංයෝගී කරමින්නිර්මාණය කරන ලද “නර්තන බන්ධම්”නමැති සුවිශේෂී නර්තන ප්‍රසංගයක් ද අරු ශ්‍රී කලායතනය විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා යුධ හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සුමිහිරි ගීත ඉදිරිපත් කරන ලදී. 

73 වන ඉන්දීය ජනරජ දිනය සැමරීම ඉන්දියාවේ 75 වන නිදහස් දිනය එනම් අසාදි කා අම්රිත් මහෝත්සව් ලොව පුරා සැමරීමේ කොටසක් වේ. මහ කොමසාරිස් කාර්යාලය 75 වන ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් 2022 ජනවාරි 26 වන දින සිට 2022 පෙබරවාරි 4 වන දින දක්වා විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මහා සංස්කෘතික වැඩසටහනක්, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ රවීන්ද්‍රනාත් තාගෝර් මැතිතුමාගේ උඩුකය පිළිරුවක් නිරාවරණය කිරීම, බුදු දහම පිළිබඳව පැවති ජාත්‍යන්තර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහාකයන්ට ත්‍යාග පිරිනැමීම සහ වෙළ‍‍ඳ ප්‍රවර්ධන වැඩසටහනක් යනාදිය මෙම වැඩසටහන් මාලාවට ඇතුළත් වේ. 

***

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan