උතුම් බක්පුර පසළොස්වක පොහොය අදයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උතුම් බක්පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී ඇත. බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදු වූයේ අද වැනි දිනකය. බුද්ධත්වයෙන් 5වන වර්ෂයේදී සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවිසු බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට දෙවනවර වැඩම කළහ.

උන් වහන්සේ එසේ වැඩම කරනු ලැබූවේ මිණිපළඟක අයිතිය අරභයා සටනට සැරසී සිටි චූලෝදර – මහෝදර නා රජුන්ට අනුශාසනා කිරීම පිණිසයි. බුදුරදුන් නාගදීපයේදී, සමගියේ අගය වටහා දෙමින් නාගගෝත්‍රිකයින්ට එන්දන, කාකෝලෝලුක, වට්ටක හා ලටුඛික යන ජාතක කතා දේශනා කළ බව ශාසන ඉතිහාසයේ දැක්වේ.

යුද්ධයට සූදානම්ව සිටි නාරජුන් දෙදෙනා, විරසකය අමතක කළේ ඊට මුල් වූ මිණිපළඟ බුදුන්ට පූජා කරමිනි.

සතර පෙර නිමිතිවලින් පළමු නිමිත්ත වූ මහල්ලෙකු සිදුහත් කුමරුන්ට දර්ශනය වුයේ ද අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේද බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

පොහොය වෙනුවෙන් අද (05) උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධානය කර තිබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...