තවත් බිත්තර තොගයක් පැමිණේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ , ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් ඊයේ (04) රාත්‍රී දිවයිනට රැගෙන ආ බවත්, මේවන විට බිත්තර මිලියන 04ක් ආනයනය කර ඇති බව එහි සභාපති අසිරි වලිසුන්දර මහතා පැවසීය .බිත්තර මිලියන 2ක ප්‍රමාණයක් පසුගිය 23 වැනිදා පළමු වරට ආනයනය කෙරෙණු අතර දින 4කට පමණ පෙර තවත් බිත්තර මිලියනයක් ආනයනය කෙරෙණු බවද පැවසීය.එම බිත්තර තොගය මේවනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ , ඊයේ රාත්‍රී ආනයනය කෙරෙණු බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බවයි.ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා මේ වන තෙක් අවසර ලැබී නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...