“ලංකාව තුළ ත්‍රස්ත මර්ධන නීති තිබිය යුතු රටක් ” – සාගර කාරියවසම් කියයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ත්‍රස්තවිරෝධි පනතක අඩංගු කාරණා ත්‍රස්තවාදය මැඩලීම සඳහා මිසක, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් මැඩලීම සඳහා නොවිය යුතුයි යනුවෙන් 2023/04/07 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි .

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා ,

” ලෝකේ බොහෝ රටවල්වල මේ ත්‍රස්වාදය මර්ධනය කිරීම සඳහා වූ නීති රීති පනවලා තිබෙනවා. ඇමරිකාව වගේ රටවල බරපතල නිති තිබෙනවා. ලංකාව තුළ ඇත්ත වශයෙන්ම ත්‍රස්ත මර්ධන නීති තිබිය යුතු රටක්. මේ රටට අවුරුදු 75 ක් ඉදිරියට යන්න බැරි වීමට ප්‍රධාන හේතුව වුණේ ත්‍රස්තවාදය. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයට දෙවරක් මුහුණදිලා තුන්වෙනි වතාවෙත් මුහුණදිලා ඔන්නමෙන්න බේරිච්ච රටක්. ඒ වගේම එල්ඊටිඊ ත්‍රස්තවාදයට අවුරුද 30 ක් තිස්සේ මුහුණදිලා මේ රට ඉතාම පසුපසට ඇදගෙන ගිය තිස් වසරක යුද්ධයකින් බේරිච්ච රටක්.

ඒ වගේම පාස්කුප්‍රහාරය තුළ යම්කිසි පිඩාවකට ලක්වෙච්ච රටක්. මෙවැනි ත්‍රස්තවාදී කටයුතු තුළින් දියුණුවෙන්න තිබිච්ච අවස්ථා මඟහැරගත්ත රටක් හැටියට අපේ රටේ ත්‍රස්තවිරෝධි නිති තිබීම අවශ්‍යයි. හැබැයි ලෝකයේ කිසිම රටක ත්‍රස්තවාදයට විරුද්ධව නිති පනවද්දි ඒ නිති තුළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතින් යටපත් කිරීමට උත්සහ දරන්නේ නෑ. එය ත්‍රස්තවාදය කෙරෙහි විශේෂිත වූ නීතියක් විය යුතුයි. පක්ෂයක් හැටියට අපි ඉන්න මතය තමයි ත්‍රස්තවිරෝධි පනතක අඩංගු කාරණා ත්‍රස්තවාදය මැඩලීම සඳහා මිසක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් මැඩලීම සඳහා නොවිය යුතුයි කියන මතයෙ අපි පක්ෂයක් හැටියට ඉතා දැඩිව ඉන්නවා “

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩාවේ හමුදා කඳවුරක දැවැන්ත ගින්නක් හේතුවෙන් හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මරුට, 39 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: කැනඩාවේ ඇල්බර්ටා...

“ඉතිහාසය ගිනි තබා විනාශ කළ හැකිද?” ප්‍රංශයේ ඓතිහාසික නගර ශාලාව ගිනිදැල් අතරින් අළු වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): වසර 143ක පමණ ඉතිහාසයක් පුරා...

2028 වසරේදී ජනමත විචාරණයක් ?

2028 වසරේදී ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි ජාතික ජන බලවේග...

කොළඹ වරායට ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත චීන ආයෝජනයක් අහිමි වෙයි !

කොළඹ වරායේ යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම...