කුම්බ්ලේගේ කතාව ගෙඩි පිටින් ගිලින්න එපා

Date:

කොළඹ (LNW):භානුක රාජපක්ෂ කින්ග්ස් පන්ජාබ් කණ්ඩායමට තෝරා ගැනීම ගැන අනිල් කුම්බ්ලේ කියා ඇති කතාවන් මේ මොහොතෙ ඉතා වේගයෙන් පැතිර යනවා.ප්‍රමෝදය වික්‍රමසිංහගේ ඇතැම් විහිළු සමච්චලයට ලක් කරන්න ඒ කතා නරක නැහැ.එහෙත් කණ්ඩායමේ ශාරිරික යෝග්‍යතාවය රඳවා ගැනීමේ වැදගත්කම ගැන ප්‍රමෝදය ගත් තීරණය වැරදිම නැහැ.

කොටු ගහලා මේ ගාණටම හිටපියව් කියා කපා ප්‍රමිතීන් ප්‍රසිද්ධ කිරීම නිසා ඒ වැඩ පිළිවෙල අර්බූදයට ගියා.ඒ වගෙම ඒවාට ප්‍රචාරය දෙන්න පරීක්ෂණය අස්සට මාධ්‍ය කැන්දගෙන කරපු ගොන් පාර්ට් එක ආවෙ මං හිතන්නෙ එවකට අමාත්‍යංශය හරහා.ඒවා ක්‍රීඩකයන්ගෙ පෞද්ගලිකත්වයට සහ මානසිකත්වයට තදින් බලපාන හේතු වුණා.
නමුත් ඒ කතාවෙදි හයේ පහරවල් ගහන්න භානුක ඇඟේ ශක්තිය සහ වේගය වගේම නමනීයත්වය අවශ්‍යය වෙනවා.ඒ සඳහා තම සිරුරු අවශ්‍යය හැඩයට චලනය කිරීමට නම් ඔහුට හැරෙන්න පුළුවන් වෙන්න ඕනි.ඒ කියන්නෙ බානුකට යෝග්‍ය ඇඟක් තියෙනවා.ඒක ආවෙ අර සීමාවන් සළකුණු වූ නිසයි.
වේගය දරා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම මේ මොහොතේ ලබන පරාජයනවලට ද හේතුවක් වෙනවා.ඔබ රූපවාහිනි තිරය යොදා ගෙන හෝ එක එක් රටවල ක්‍රීඩකයින් ඉක්මන් ලකුණු ලබා ගැනීමට කඩුලු අතර දුවන වේගය කාල ගණනය කර බලන්න.ඒ යාර 22 අඩුම වේගයෙන් දුවන ක්‍රීඩකයින් අතර අපි ඉන්නෙ ලෝකයට පිටුපසින්.
කුම්බ්ලේ කියන්නෙ තත්පර 10 න් මීටර් 100 දිවීම තමන්ට අවශ්‍යය සාධකයක් නොවන බවයි.නමුත් යාර 22 ක් ඉක්මණින් දුවන්න අවශ්‍යය වෙනවා.ඒ වගෙම වරින්වර එසේ දුවමින් වේගයෙන් ලකුණු එකතු කරන්න දරා ගැනීමත් අවශ්‍යය වෙනවා.කුම්බ්ලේ නොකියන කතාව ඒක.

දැනටත් විශේෂයෙන් කාන්තා කණ්ඩායමේ වේගවත් බව සහ දරා ගැනීම තවම තියෙන්නෙ ලෝකය හා සසඳද්දි පහළම මට්ටමක.පිරිමි කණ්ඩායම ගත්තත් පන්දු රැකීමේදී පන්දුව කරා වේගයෙන් පැමිණිම,හඹා යාම මෙන්ම කඩුලු අතර දුවමින් ගන්න කෙටි ලකුණු ලබා ගනිද්දී ද යම් ප්‍රමාදයක් නිසා පන්දු රැකීමේ දුරුවලකම් මෙන්ම කඩුලු අතර දිවිමේ දුර්වලකම් ද මතු වෙනවා.

කුම්බ්ලේ විශේෂයෙන් භානුකට යෝග්‍යතාවයට මුහුණ දීමේදි කරන්නට අවශ්‍ය්‍යය බව ශ්‍රී ලංකාවෙන් පැන වූ වාරන හෙමිහිට විවේචනය කරා වගෙ පෙණුනට,භානුකට ක්‍රිකට් ගහද්දි පන්දු රැකිමේදි,ඉක්මන් තීරණ ගැනීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිටින්නේ වේගයෙන්ද දරා ගැනීමෙන් ද පසුපසයි.ලකුණු රැස් කරද්දී ලකුණු දෙක එක වීමෙන් මෙන්ම පන්දු රැකීමේදී ප්‍රතිවාදීන්ගේ ලකුණු එක දෙක වීමේ ආනිශංෂත් අවසාන වරට ශ්‍රී ලංකාවේ පරාජය වනු අපි දැක ඇත්තෙමු.එසේම භානුක ශ්‍රී ලංකාවට ලකුණු රැස් කළේ ඔහුගේ යෝග්‍යතාවය යහපත්ව කණ්ඩායමට පැමිණි විට බව ද අමතක කළ නොහැකිය.ඒ භානුකගේ ශිල්ප කින්ග්ස් පන්ජාබ් කණ්ඩායමට වැදගත් වූවා මිස ශ්‍රි ලංකා කණ්ඩායමට ක්‍රීඩා නොකළ අවස්ථාවක භානුක දැක ඔහුව තෝරා ගැනීමක් සිඳු වී නැති බවද අවබෝධ කර ගත යුතුය.

ඒ නිසා ප්‍රවේශමෙන් ක්‍රිකට් සිලෙක්ෂන්වලට ෆිට්නම්නම් කන්නයෑ යන ලෙවල් එකේ ජනමතයක් ඇති කර වේගය,දරා ගැනීම සහ නමණීයත්වය යනු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට අදාළ නොවන යෝග්‍ය කරුණු බව සමාජගත කිරීමෙන් වැළකීමට අපි ප්‍රවේශම් විය යුතු වන්නෙමු.ප්‍රහාරය යනු සපුරා හයේ හතරේ එවාම නොවන වේගවත් කෙටි ලකුණු ද ඇතුළත් සංදර්භයක් යන්න තේරුම් ගැනීම වැදගත්ය.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...