සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය අවසන් අදියරේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආගමික සිද්ධස්ථානවල සහ රජයේ පොදු ගොඩනැගලිවල වහළය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රජයේ ගොඩනැගිලිවලින් 90% ක පමණ මැනුම් කටයුතු අවසන් කර ඇති බවත් සියලු මැනුම් මේ මස 15 වැනිදාට පෙර අවසන් කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි .

අමාත්‍යවරයා පැවසූවේ , ජාතික පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ගුරු විදුහල්, හමුදා ගොඩනැගලි, පොලිස් ස්ථාන, සියලු ආගම්වලට අයත් අදායම් නොමැති ආගමික සිද්ධස්ථාන රජයේ ගොඩනැගලි යටතට ගෙන ඇති බවත් රජයේ රෝහල් සහ පළාත් පාසල් මෙම වැඩපිළවෙලට මූලිකව ඇතුළත්ව තිබුණ ද මෙවැනිම ව්‍යාපෘති දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභා ක්‍රියාත්මක කරන බැවින් එම ගොඩනැගිලි එම ව්‍යාපෘතිවලට ඇතුළත් කරන බවත්ය .

අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේ , ඩොලර් මිලියන 100ක ඉන්දියානු ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රමය ඉන්දියානු එක්සිම් බැංකුව හරහා ක්‍රියාත්මක වන අතර ඉදිකිරීම් සමාගම සහ සුර්ය පැනල මිලදීගැනීමේ ප්‍රසම්පාදන එම බැංකුව කරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...