බෙල්ලන්විල පන්සලේ බෝම්බය පිටුපස ඉන්නේත් පල්ලියේ සහ රෝහලේ බෝම්බ තැබූ පිළියන්දල වෛද්‍යවරයා!(VIDEO)

පසුගිය ජනවාරි 11 වැනි දින බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියේ පරීක්ෂණ වලදී අත්අඩංගුවට ගැනුණු පිළියන්දල ප්‍රදේශයේ වාසය කරමින් සිටි විශ්‍රාමික වෛද්‍යවරයා බෙල්ලන්විල විහාරස්ථානයේ තිබී හමුවූ බෝම්බ සිද්ධිය පසුපසත් සිටින බවට මේ වන විට අනාවරණය වී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එම වෛද්‍යවරයා බොරැල්ල දේවස්ථානයේ,නාරාහේන්පිට පෞද්ගලික රෝහලක සහ බෙල්ලන්විල විහාරස්ථානයේ තිබී හමුවූ බෝම්බ සිදුවීම් තුනටම සම්බන්ධ බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම බෝම්බ තැබීමට යොදාගෙන ඇත්තේ අත්අඩංගුවට පත්ව සිටින ඇඹිලිපිටිය ප්‍රදේශයේ පුද්ගලයා බවට තහවුරු වීමෙන් අනතුරුව ඔවුන්ට මෙම බෝම්බ ලැබුණු ආකාරය ගැන සිදුකළ විමර්ශනවලදී බෝම්බ ලබා දුන් බව කියන පුද්ගලයෙක් රන්න ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ඇඹිලිපිටියේ සහ රන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා පිළියන්දල වෛද්‍යවරයා සමඟ සමීප සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ වෛද්‍යවරයා මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ පාපොච්චරණයන් රැසක් ලබා දී ඇති බවද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...