පරණ ක්‍රමවේද එක්ක අලුත් විකට් එකේ සෙල්ලම් කරන්න බැහැ – චරිත කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද දින(11 ) පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා විසින් පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ඔහු පැවසූවේ මේ රටට පරණ ආචීර්ණ කල්පිතයන් නොගැලපෙන බවත් , අලුත් දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ පද්ධතියක් අවශ්‍ය බවත්ය .

එහිදී තවදුරටත් දීර්ඝ ලෙස ඒ පිළිබඳ පැහැදිලි කරන මහාචාර්ය චරිත හේරත් මහතා ,

” වර්තමානයේ පවතින්නේ අන්තර්කාලීන මට්ටමක පවතින ආණ්ඩුවක්
අනුප්‍රාප්තික කාලයක් අපි ගෙවමින් ඉන්නේ. මේ කාලය තුළ තවමත් ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න හැකිවෙලා නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පමණක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැනටමත් එක් කෙනෙක් දෙන්නෙක් කියනවා රනිල් හොඳයි කියලා . තව කෙනෙක් කියනවා රනිල් හරි යන්නෙ නැහැ කියල . ඇතුලෙම පොඩි බෙදීම් පටන් අරගෙන
පිටිය සකස් උනාට පස්සේ පරණ කණ්ඩායමට මේක අවශ්‍ය කියලා අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා නොදන්නවා වුණාට. මේ රටට ඔය පරන ආචීර්ණ කල්පිතයන් හරියන්නෙ නැහැ .අලුත් දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ පද්ධතියක් අවශ්‍යයි.

මේක කරන්නෙ නැතුව ගොඩ යන්න බැහැ.වංශ කබල් ගාන පක්ෂවල අයට අපි කියන්නේ ඔය පරණ ක්‍රමය වැඩක් වෙන්නේ නැහැ කියලා. පරණ ක්‍රමවේද එක්ක අලුත් විකට් එකේ සෙල්ලම් කරන්න බැහැ. ආණ්ඩු පක්ෂ අය හිතන්නේ මේ රට කියන්නෙත් තමන්ගෙ බැක්‍ යාඩ් එක කියලා. එහෙම එකක් නැහැ මේක රටක්. පරණ වංශය කබල් ගලා මැතිවරණ දිනන්න ආයි කාටවත් බැහැ. පොඩි පොඩි දේවල් කරගන්න පුලුවන්. රටක් දිනන්න බැහැ

පොහොට්ටු පක්ෂය නව නායකයෙක් දැම්මත් අලුත් කෙනෙක් දැම්මත් වැඩක් නැහැ.
මම මෙච්චර පරණ පවුලක් කියලා දේශපාලන නායකයෙක් කියලා කිව්වත් දේශපාලන සමාජය වෙනස් වෙන්නේ නැහැ. අරගලයක් වෙලා ගෙවල් ගිනි තිබ්බේ ඔය නායකයො ඉන්නකොට ම තමයි. තාත්තාගෙන් පුතාට පුතාගෙන් දුවට යන ක්‍රමය ඉදිරියට හරියන්නේ නැහැ.

ප්‍රතිත්‍රස්ත පනත සමහර කරුණු තියනවා හොද ඒවා. ඒ වුණාට ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ආණ්ඩුවට තිබෙන අභියෝගවලට උත්තරයක් ලෙස ගන්න එක වැරදියි. පසුගිය දවස්වල අරගලය වගේ ඒකක් ආයි එයි කියලා හිතලා නීති හදනවා නම් ඒවා මහ විකාර වැඩ. මුළු ලෝකයම ඩිජිටල් අවකාශය තුළ ගැට ගැහිලා තියෙන්නේ, මේවා දන්නේ නැතුව රටේ දේශපාලනය පුළුවන් කියලා කල්පනා කරන පරණ කන්ඩායමක් ආණ්ඩුවේ ඉන්නේ,

මෙයාල එකතු වෙලා මේ කරන වැඩෙන් වෙන්නේ ලෝක ඉස්සරහ අපේ රට හැල්ලු වෙනවා. ලෝකේ කොහෙද සමාජ මාධ්‍ය ඩිජිටල් අවකාශයේ කළමනාකරණය කරන්න පුළුවන් කියල තියෙන්නෙ,සමාජ මාධ්‍ය වහලා දැම්මම ඉවරයි කියලා කෙනෙක් කියන තියෙනවා එහෙම ඉන්න පුලුවන්ද ? මාධ්‍ය සම්බන්ධයෙන් අපේ රටේ නීති වල විශාල අඩුවක් තියෙනවා
එක එක්කෙනාට අවශ්‍ය ලෙස තමයි ලයිසන් දීලා තියෙන්නේ. වික්‍රමසිංහ මහත්මයා කියන්නේ මේ ප්‍රශ්නයේ කොටසක්
උත්තරයක් නෙමෙයි. රාජපක්ෂ මහත්මය ලත් මේ ප්‍රශ්නෙම කොටස්කරුවන් උත්තර නෙවෙයිනේ .

ජ්‍යතන්තර වෙලදපලෙන් ඩොලර් මිලියන 1.5 ක් ගන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දේසිවල තිබෙනවා 2025 ඉන්පස්සෙ හරි කියලා කියන්නේ මේක නිසා ණය අරගෙන කන්න ලැබෙන නිසා එහෙම නැතුව මේ ක ස්ථාවර විසදුමක් නෙවෙයි. තව පාරක් අඹරලා තියලයි යන්න. ඊළඟ පාර කැරකිලා ගිහිල්ලා ආයි වැටෙන්න පරණ තැනටම. මේ වැරදි දේශපාලන ක්‍රම වේද ක්‍රියාත්මක කරන වික්‍රමසිංහ මහත්මය ගේ ගමන් මග ශක්තිමත් කරන්න ඇමතිධූර ගන්නවා කියන එක මහා විකාරයක්. මහ බැංකු පනතේ හොඳ කරුණු දෙකක් තියෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන එක ධනාත්මකයි කියලා මම පුද්ගලිකව හිතනවා.

ජනාධිපතිවරණයක් මාස 13කින් ප්‍රකාශයට පත්කරන්න නියමිතව තියෙන්නේ
මේ මාස 13 ඇතුළත ආණ්ඩු පැත්තෙන් නොයෙක් දේවල් වෙන්න පුළුවන් “

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...

බොක්සිං ගහන,පොත් ලියන අලුත් අක්ෂියකින් ලොව දකින නිලක්ෂි

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: නිලක්ෂි බණ්ඩාර යන නම...