බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවත්වෙන එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් සඳහා බංගලාදේශ කාන්තා කණ්ඩායම එළැඹෙන අප්‍රේල් 27 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.ඔවුන් එක්දින තරගාවලිය අරඹමින් අප්‍රේල් 27 වන දා එක්දින තරගාවලියේ පළමු තරගයට සහභාගි වන අතර දෙවන සහ තෙවන එක්දින තරග මැයි 2 සහ මැයි 4 වන දින පැවත්වීමට නියමිතයි.මෙම තරග තුනම පැවත්වෙන්නේ පී සරා ක්‍රිඩාංගණයේදී වන අතර මැයි 7 වන දා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිගේ කාන්තා කන්ඩායම සමඟ තරගයක් කොළඹ ක්‍රිකට් සමාජ පිටියේදි පැවත්විමට නියමිතව තිබෙනවා.
විස්සයි විස්ස තරගාවලියේ සියලුම තරග කොළඹ සිංහල ක්‍රිඩා සමාජ පිටියේ පැවත්වෙන අතර එම තරග මැයි 9,11 සහ 12 යන දිනවල පැවත්වීමට සූදානම් කර තිබෙනවා.

ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කාලය හරස්වීම නිසා එකතු කර ගන්නට නොහැකි වූ දෙව්මි විහංගා සහ මනුදි නානායක්කාර වැනි යොවුන් ක්‍රීඩිකාවන් අත්හදා බැලිමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවට විශ්වාසය පළ හැකියි.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...