පාසල් බෑග් සහ සපත්තු මිල අඩු කිරීමට කඩිනම් පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඊයේ (11) මුදල් අමාත්‍යාංශයේ පැවති සකච්ඡාවකට එක්වෙමිනි.

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට එහිදී අමාත්‍යවරයා නියෝග කළේ , ඩොලරය අවප්‍රමාණයවීමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ බෑග් සහ සපත්තු මිල ද පහළ යා යුතු බවත් , ඒ පිළිබඳ සොයා බලා සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙසත්ය .

අමාත්‍යවරයා තවදුරටත් පැවසූවේ පාසල් බෑග් හා සපත්තුවල මිල වෙළඳපොළේ පහළ යාමක් සිදුව නොමැති නම් ඒ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයා දැන්වත් කර මිල අඩු කිරීමට යොමු වන බවයි .

නව පාසල් වාරය ආරම්භ වීමත් සමග දරුවන් වෙනුවෙන් සපත්තු සහ බෑග් මිල දී ගැනීමේ දී මාපියන් දැඩි අපහසුතාවට පත් ව සිටින බැවින් මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...