*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

අවුරුදු සෙල්ලමෙන් ක්‍රීඩාවට

සිංහල අවුරුද්ද මිනිස්සුන්ට සතුට වෙන්න බොහෝ දේ ගේනවා.උත්සවශ්‍රීයෙන් ගම් හැඩ කරනවා.හැබැයි ඒ අවුරුද්ද උත්සව කරන්න,සතුටු වෙන්න පුළුවන් විදිහට කෘෂිකාර්මික සමාජයක් වුණ අපේ රටේ මිනිස්සුන්ට අවුරුද්දට ඉස්සෙල්ලා අස්වනු ලබා දෙනවා.
දැන් මේ තත්ත්වය වෙනස්.මිනිස්සු ණය වෙලයි අවුරුද්ද සමරන්නෙ.නැත්නම් අවුරුද්දට සතුටු වෙන්නෙ.ක්‍රීඩාවටත් මේ අවුරුද්ද වැදගත්.අවුරුදු ක්‍රිඩා හැටියට තියෙන බොහෝ ක්‍රීඩාවන්ගෙන් එළිට එන්නෙ ශක්තිය,වේගය සහ දරා ගැනීම.ඒ වගෙම පොර පොල් ගැහීම වගෙ ඉසව්වකදි විශාල මානසික ඒකාග්‍රතාවයකින් කටයුතු කරන්න වෙනවා.

හැබැයි ගොඩක් වෙලාවට රටේ ජනතාවගෙ කැමත්තෙන් එස්එම්එස් ගන්න නාලිකා අවුරුද්දට ගමේ මේ වගේ කට්ටිය හොයාගෙන යනවට වැඩිය රටේ නම ගිය කිසිම ආකාරයකින් ක්‍රීඩා නොකරන කලා ශිල්පීන් එක්ක ගෙන ඇවිත් මිනිස්සුන්ට විනෝදෙන් බලා ඉන්න කියලා කලාකරුවන්ව තරග කරවනවා.ඒක එහෙම වෙන්නෙ අවුරුදු ක්‍රීඩාවන් කියන්නෙ සෙල්ලම් මිස විද්‍යානුකූලව ක්‍රිඩාවට අදාළ නැහැ කියලා හිතන නිසා.නමුත් අවුරුදු ක්‍රීඩා කියන්නෙ කීඩාවට පාර පෙන්නන වැඩක්.කඳුකරෙන් එන දක්ෂ මැරතන් ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් පළමුව දකින්නට ලැබෙන්නෙ අවුරුදු උථ්සවවල ගම හරහා දිවිම් වලින්.පස්සෙ කාලෙක එකතු වුණ ආධුනික පාපැදි තරගත් රටට දක්ෂ පාපැදි සූරයන් හොයා දෙන්න මැදිහත්වීමක් කළා.

චක්ගුඩු වැනි ක්‍රිඩාවන් ඊට වඩා ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාත්මක කබඩි වැනි ක්‍රීඩාවන්ට අත් උදව් කර ගන්න පුළුවන්.එසේම කෝ කෝ වැනි ක්‍රීඩාවන්ට තාච්චි පැනිම වැනි ක්‍රිඩාවන් යොදා ගන්නත් පුළුවන්.ගමේ වෙලේ ගැහෙන අවුරුදු එල්ලෙත් අද දකින්න තියෙන්නෙ අඩුවෙන්.එල්ලෙවලට වැඩිය ක්‍රිකට් ආරක් ගත්තත් බේස්බෝල් වැනි ක්‍රිඩාවකට යම් පෙර පුහුණුවක් එල්ලෙවලින් ලබා ගන්න බැහැ.
කොහොම හරි අද වන විට මේ ආකාරයේ කන්ඩායම් ක්‍රීඩාවලින් අවුරුදු උථ්සවවල ඉතුරුවෙලා තියෙන්නෙ කඹ ඇදිම වැනි ඉසව් විතරයි.හිතුවෙ නැතුවට වතුර පිරවීම වගේ ඉසව්වක් ගත්තොත් එහිත් වේගය,නමණියත්වය සහ විශාල මානසික ඒකාග්‍රතාවයකුත් තියෙනවා.මේ විදිහට අවුරුදු ක්‍රිඩාවන්ගෙන් යම් පෙළඹීමක් ඉහළ මට්ටමේ ක්‍රීඩාවන්ට එකතු විම ගැන අධ්‍යයනයක් කිරීමට කාලය පැමිණ තිබෙන බව කිව යුතුයි.ඒ අතරින් කණ්ඩායම් ඉසව් ගැන සිතිම ඉතාමත් වැදගත්.

ඒ හරහා කණ්ඩායමක් හැටියට වැඩ කිරිමේ දුලබකම දුරු වෙනවා.අද රටේ දුබලතාවයක් බවට පත් වි තිබෙන්නේ අනෙකාව ඉවසන්නට පුරුදු පුහුණු වි නොතිබීමයි.ඒ නිසා ගම් මට්ටමෙන් අවුරුදු උත්සව හැටියට නැත්නම් ජාතික උත්සව හැටියට කණ්ඩායම් ක්‍රිඩාවන් පැවත්වීම ප්‍රචලිත කිරිම වැදගත්.සමහර විට ඒවාට නව හැඩයක් දෙන්නට ඒ ඒ ක්‍රීඩාවලට බලපාන් විද්‍යාත්මක සම්බන්ධතා හැඳුනාගෙන දියුණු කිරිම වැනි කරුණුත් සිඳුවෙනවනම් එය ක්‍රිඩා සංස්කෘතියකට මිනිස්සු හැඩ ගස්සන්නත් හොඳ සැළසුමක් වෙනු ඇති.
අවුරුදු ක්‍රීඩා මේ ගමන වැඩිය දකින්න ලැබෙන එකක් නැහැ.බොහෝ අවුරුදු උථ්සව සඳහා දායක වූ ග්‍රාමීය මිනිස්සු අතේ මේ මොහොතෙ මුදල් ඉපයීම සිඳුවන්නෙ ඉතාම අඩුවෙන්.නමුත් නාලිකා හැම තැනකම වගෙ රට එහෙම නැහැ කියලා පෙන්නන්න වගෙ අවුරුදු උත්සව කරනවා.ඒ අයට මේ වැඩේ පහසුයි.කණ්ඩායම් හැටියට මිනිස්සු එකට එකතු කරන තරග පැවත්වීමෙන් කණ්ඩායම් හැඟීම වගේම අනෙකාව ඉවසන්නට පුරුදු විම වගේම පිරස් කළමණාකරණයට සහ ජයග්‍රහණය කරා මෙහෙයවීමට හැකියාව ඇති නායකත්ව පෞරුෂත් බිහි වේවි.
ඉතිං අලුත් අවුරුදු ක්‍රිඩා ගැන අලුත් අදහසකින් ඉදිරියට හිතන්නෙ කොහොමද කියන එක පුහුණුවෙන්න මේ කරුණු පදනම් කරගෙන හිතන්න ආරාධානා කරනවා.ඔබට අවස්තාවක් ආ විට අවුරුදු උථ්සවවල කණ්ඩායම් ක්‍රීඩාවට මුල් තැන දි වැඩ කරන්නත් යෝජනා කරනවා.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan