*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

ඉස්සන් සහ මැස්සන් සමඟ ක්‍රීඩාවේ ගමන… ?

ලංකාවේ බලය පවතින ආණ්ඩුව කාගේද?හැට නව ලක්ෂයක ජන වරමකින් පත් වූ ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් වූයේ මහජන විරෝධය මතය.ඒ සමඟම ඔහුගේ නායකත්වයෙන් පත් වූ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ හිස් ගොඩක්ව සිටි අතර ඒ හිස් ගොඩෙන් 134 ක් දෙනෙක් එක් වී එක ආසනයක් තිබුණ පක්ෂයක අයෙක් රටේ ජනාධිපතිවරයා කර ගත්තේය.ඔළුව ගලවා දැමූ පසු කඳට බලය පවතින බව සිතන මේ ආණ්ඩුවට හයි කරපු ඔළුව රනිල් වික්‍රමසිංහගේ ය.කාලයක් පුරා ලංකාවේ දේශපාලනයේ සැරිසරා ලෝකය දන්න රනිල් යම් මට්ටමකට රටේ පවතින මොහොත කළමණාකරනය කරමින් සිටියත් ඔහුගේ ඔළුවට සවි වී ඇති බොහෝ ශරීර කොටස් රනිල්ට සාපේක්ෂව ආණ්ඩුව යන සමස්තය වඩාත් විකෘති ස්වරූපයකට හරවමින් සිටින බව පෙනෙන අවස්ථා එමටය.


ජනාධිපති මං කියන දේ තමයි නීතිය යනුවෙන් හිතන්නට තරමට බලයෙන් අන්ධ වූ ක්‍රමයක සිටි දේශපාලකයා තවමත් රනිල් අස්සේ ඉඳගෙන ද හිතන්නේ ඒ ආකාරයෙන්මය.ජාතිය ආගම කියන කාරණාවන්ගෙන් බෙදී සිටි ඒ පිරිස තවමත් ඉදිරියට ඇඳෙන්නේ ඒ ආකාරයෙන්මය.ලෝකයේ දියුණු සම්ප්‍රදායන් වෙනුවට තමන්ගේ අභිමතය පරිදි හැසිරෙන මෝඩ ආඩම්බරකමද ඒ ආකාරයෙන්ම දැකිය හැකිය.ක්‍රීඩා අමාත්‍යවරයා ඒ සියලු ගුණාංග අපූරුවට විඳහා පාමින් සිටින අතර ඔහුගෙන් ඒ ක්‍රමය ඇතුළේ වරදාන වරප්‍රසාද ලැබෙන පිරිස් රට ගැන සිතනු වෙනුවට තමන්ව සංතර්පණය කර ගනිමින් සිටියි.

ක්‍රීඩා කේෂ්ත්‍රයේ සියලු සංගම් සම්මේලන ඒ කේෂ්ත්‍රයේ බහුතර කැමත්ත සහ එකඟතාවය මත බලයට පැමිණෙයි.එය ක්‍රීඩාවන් හී ජාත්‍යන්තර එකඟතාවයට අදාළය.රටවල දේශපාලන බලපෑම් මත ඒවා හසුරුවන්ට හැකි ආකාරයට පවත්වාගෙන යාම වෙනුවට ජාත්‍යන්තර හැඩයට එම සංගම් සම්මේලනවල අනන්‍යතාවය සැකසීම සෑම ජාත්‍යන්තර මව් සංගමයක්ම මව් සම්මේලනයක්ම අපේක්ෂා කරයි.මේ තත්ත්වයට බැහැරව කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාව අවවාදවලට ලක් වූ අවස්ථාවන් මීට පෙරද දැකිය හැකි අතර වර්ථමානයේ යළිත් ඒ අවදානම මතුවෙමින් පවතියි.



පාපන්දු සම්මේලනය ජාත්‍යන්තර වශයෙන් එකඟ වූ කාරණාවලට පිටින් රටේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පිට නිලවරණය හැසිරවිම ගැන තුන්වන පාර්ශවයක මැදිහත්වීම සහ බලපෑම යන්න සළකා ලංකාවේ පාපන්දු ක්‍රීඩාවම වාරණයට ලක් කර ඇත.අවශ්‍යය මොහොතේ අවශ්‍යය දේ නොකර තමන්ගේ බලය මත තීරණ ගැනීමේ සිමාව හඳුණා නොගෙන කටයුතු කිරීම නිසා මේ විනාශයට රටේ පාපන්දුව මුහුණ දුන් බව ගැන ක්‍රීඩා අමාත්‍යවරයා අබැටක තරමේ හෝ කම්පාවක් නොපෙන්වයි.ඔහු උත්සාහ කරන්නේ ක්‍රීඩා පණතේ එල්ලි තව දුරටත් ලංකාවේ පාපන්දුව තමන්ට අවශ්‍යය සේ පැවතිය යුතු බව ජාත්‍යන්තරය පිළිගත යුතුය යන උද්ධච්ඡකමේම ඇලී සිටිමින් කටයුතු කිරීමයි.



රගර් පරිපාලනයට ද දැන් එවැනිම වැඩ සටහනක් දියත් කරගෙන යයි.එහි ප්‍රථම පියවර ලෙස විසුරුවා හරින ලද රගර් පරිපාලනය මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශය විසින් රගර් සම්මේලන මූලස්ථානය සීල් තැබීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇත.විසුරුවා හැරීම සම්බන්ධයෙන් කරුණු හැටියට දක්වා තිබෙන සමහර කරුණු ක්‍රිඩා අමාත්‍යවරයා සමාජය විසින් පවසද්දි ද වෙනස් ආකාරයකට දන්වා සිටි ඒවා ය.මේ සමඟ දැක්වෙන නාමල් රාජපක්ෂගේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අධිකරණය පැවසූ ආකාරයට කටයුතු කිරිම පමා වීම නිසා මිස වෙනස් හේතුවක් මත ආසියානු සම්මේලනය රගර් තහනම් කර නොමැති බව එම ගැසට් නිවේදනය ඉවත් කිරීමෙන් පසුව ආසියාව ශ්‍රී ලංකා රගර් පිළිගැනිමෙන් පැහැදිළිය.

මේ තත්ත්වයට පෙර ක්‍රීඩා අමාත්‍යවයා ක්‍රීඩා පණත සංශෝධනය කර ජාත්‍යන්තර වශයෙන් යම් තහනමක් පැන වූ විට තහනම් කිරීමේ හැකියාව නෛතික කරන්නට උත්සාහ ගත්ත ද එය අධිකරණය මඟින් මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇත.නමුත් මේ මොහොතේ ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකා සභාපතිවරයා පෞද්ගලික කාරණාවක් මත තහනම් කර තිබෙන ආකාරය ආසියානු ඔලිම්පික් හරහා ද අවධානයට ගෙන ඇති අතර ආසියානු සම්මේලනයම පරීක්ෂණයක් කිරිමට එකඟ වී ඇත.එවැනි තත්ත්වයක රගර් සම්මේලනය විසුරුවා පත් කරන කමිටුවේ සභාපතිවරයා මතු කරන්නේ වෙනත් කාරණාවක්ය.

ඒ ඒ ශ්‍රේණියේ ක්‍රිඩා සමාජවලට පරිපාලනය ලියා දිය යුතුය යන අන්දමේ අදහසක්ය.ශ්‍රී ලංකා රගර් හී බලය පැවරුණේ මුලින්ම ක්‍රීඩා සමාජවලටය.නමුත් නවසීලන්ත ජාතික ජෙෆ් පැටර්සන් පැමිණ රගර් ව්‍යාප්තිය සහ සංවර්ධනය සම්බන්ධයෙන් ඇති කළ සංකලපමය වෙනසට අනුරූපීව එය පළාත් සංගම් වෙත පැවරිණ.ඒ අවස්ථාවේදී සෘජුව දැඩිව හඩ නැඟූ සෙනරත් අල්විස් ප්‍රකාශ කර සිටියේ සංශෝධනයට පළාත් ඇතුළත් විය යුත්තේ තිබෙන කීඩා සමාජවල ඡන්ද බලයට හානියක් නොවන ලෙස බවය.එය 27 – 9 ක් වූ ඡන්ද බලයකින් සම්මත වූ අතර අතර අද වත්මන් පරිපාලනයට අකුල් හෙලීමේ කාර්යයේ තිරය යට වැඩ කරන මලික් සමරවික්‍රම වැන්නන් ද සිටියේ 27 ගොඩේය.සීආර් ක්‍රීඩා සමාජයේ එක ඡන්දයක් ද වැටුණේ එම ගොඩටය.
පසුව සෙනරත් අල්විස් ගේ ක්‍රමය කරළියට ආව ද එය සීමාවන්වලට යටත් නොවී ගෙඩි පිටින් ආ නිසා ඇතැම් ක්‍රීඩා සමාජවලට බී සහ සී ලෙස ද කණ්ඩායම් ඉදිරිපත් කර තමන්ගේ බලයට නව ප්‍රවේශයන් අධෛරයමත් කරන්නට ඉඩක් සැකසිණි.නමුත් මේ ක්‍රමවේදය පැමිණි ආකාරයට රටේ ක්‍රීඩාව ව්‍යාප්ත කරමින් සංවර්ධන සැළසුම් සකස් කර දියත් කරන්නට ශ්‍රී ලංකා රග්බි වෙත පවුම් දහස් ගණනින් මුදල්ද පැමිණියේය.ඒවා ක්‍රියාත්මක විණි ද?ඒවා ක්‍රියාත්මක කරන්නට මුදල් ලබා ගත්තේ කවුද?ඒ සඳහා වගකීම් පැවරුණේ කාටද ක්‍රීඩා අමාත්‍යවරයාට තමන්ගේ බලය යොදා ඉතිහාසයේ සිට කැන අලුත් සංස්කෘතියක් ඇති කිරීමට ඇති ඉඩ භාවිතයට ගන්නේ නැත.ඉතාම සරල විසුරුවා හරින ලද පරිපාලනය සමඟ විරුද්ධ මත දරන්නන් විසින් ඔබන ලද වචනම අමාත්‍යවරයා වමාරමින් සිටින්නේය.

ඒ අතර වත්මන් රගර් පරිපාලනය පැමිණෙන විට තිබූ අනුග්‍රහය අහිමි කර ගැනිම ගැන අමාත්‍යවරයා දොස් පවරන්නේය.එයට රගර් පරිපාලනය ගත් තීන්දුවක් බල පෑ අතර එහිදි අවශ්‍යය වූයේ කවුරුන් රගර් පරිපාලනයට පැමිණියද ක්‍රීඩාවේ අනුග්‍රහයට අමතරව විකාශන අනුග්‍රහය වෙනම ලබා ගැනිමය.නැත්නම් ඊට වෙනම මුදලක් එකතු කර ගැනීමය.කෙසේ හෝ අමාත්‍යවරයා දැනට තමන්ගේ උපදේශකයන් වශයෙන් ද පත් කරගෙන සිටින්නේ ඒ අනුග්‍රහය ලැබෙන අවදියේ බලය හෙබ වූ අය ය.
අමාත්‍යවරයා ඔවුන්ගෙන් අසා ගන්නේ නැති වූ අනුග්‍රහයේ වටිනාකමය.ඒ අනුග්‍රහය වටින්නේනම් එතරම් මුදලක් සහ දේශාපාලන ආශිර්වාදය ද ලැබෙද්දී තමන්ගේ උපදේශකයින් සිටින පාලන රගර් හී ණය බර මිලියන 55 ක් තරමට ඉහළට එසැ වූයේ කෙසේද යන්න ද ඇසිය යුතුය.ඔවුන් වර්ථමානයේ තරම් වෙනස් තරග ඉසව් ක්‍රියාත්මක නොකරමින් ද,දිවයිනේ විවිධ ප්‍රදේශවල රගර් තරග සංවිධානය නොකරමින් ද මෙතරම් ණය වීමේ ප්‍රාතිහාර්යය ද විමසා දැන ගත යුතුය.

එසේම එතරම් අනුග්‍රහයක් නැතුව විසුරුවන ලද පරිපාලනය වැඩි ප්‍රදේශ ගණනක් ආවරණය කරමින්,වැඩි තරග ගණනක් සංවිධානය කරමින් සහ ණය බරද අඩු කරන ලද්දේ කෙසේ ද යන්න විමසා බැලිය යුතුය.ක්‍රීඩා අමාත්‍යවරයා බලයේ සිටින පිරිස්වලට එරෙහි පිරිස් සමීප කර ගනිමින් පරිපාලනයට බාධා එල්ල කරනු විනා පිරිපුන් දේශපාලකයෙක් සේ දෙපිරිස එක මේසයකට කැඳවා එකිනෙකා ඉදිරිපත් කරන කරුණු විමසිල්ලෙන් සළකා බලන්නට තරම් දක්ෂයෙක් හෝ නුවණැත්තෙක් නොවන බව පැහැදිළිය.ඔහු රට,ජාතිය,ආගම වැනි සංවේදි කාරණා පවසමින් පපුවට ගසා ගන්නා සංස්කෘතියේය.නමුත් කාලයක් යන විට මිනිස්සු එම ගසා ගැනිම්වලදි ඇසෙන්නේ හිස් ශබ්දය බව අවබෝධ කර ගන්නේය.

ජාත්‍යන්තර මට්ටමෙන් අවධානය යොමු නොවුණු ආසියානු සභාපතිගේ ශ්‍රී ලංකා සභාපති සම්බන්ධ පෞද්ගලික තරහ.අමාත්‍යවරයා රගර් ගැන ඇසුරු කරන විසුරුවන ලද පරිපාලනයේ සිටින අයට වඩා හිතවත් පිරිසගේ කැමත්ත යන කාරණා මිස රගර් තහනමට හේතු වි ඇති වෙනත් කාරණා කවරේද?මූල්‍ය වංචාවක්,කුමන ක්‍රීඩා සමාජයකට හෝ ක්‍රීඩකයෙක්ට වෙනස් කොට සැළකීමක්,තරග නොපවත්වන අකාර්යක්ෂම පාලනයක්,රගර් ව්‍යවස්ථාව හෝ ක්‍රිඩා පණතේ වගන්තිවලට එරෙහිව යාම….. මේ කිසිවක් හේතු හැටියට සඳහන් නැති තහනමකින් ක්‍රිඩා අමාත්‍යවරයා ලබන වින්දනය ශ්‍රී ලංකාවේ රගර්වලට විඳවිමක් විය හැකිය.
කෙසේ වුව රගර් පරිපාලනයේ තීන්දුව යළි නීතිය හමුවට යනු ඇතැයි විශ්වාස කළ හැකිය.එහි පියවරක් හැටියට දැනටමත් පරිපාලන ගොඩනැඟිල්ලට සීල් තැබීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් වැටී ඇත.අත්දැකීම් ඇති නිලධාරී වුව නැති අය වුව විශ්වාස කරන්නේ ක්‍රිඩා අමාත්‍යවරයාගේ නියමය නීතිය බවය.සමහර විට ඒ කාරණය ගැන ද ඉදිරියේදි වෙනස් පුරෝකථන අධිකරණයෙන් ලැබෙන්නේ නම් ක්‍රිඩාවේ ඉහළින්ම ඇණය ගසා සිටින දේශපාලනය වෙනුවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ,ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ හැරමිටිවල වැඩි දිග අයින් කරන්නට පාරක් කැපෙනු ඇත.

අවසානයේ තමන් විසින්ම උපකල්පනය කරගත් දේශපාලන බහුතරයක් සමඟ කටයුතු කරන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා සැබවින්ම බහුතරයක් සහිත ක්‍රීඩා සම්මේලන සහ සංගම්වලට ක්‍රිඩා පණතෙන් පැවරුණු බලය යැයි පවසමින් ඔවුන් හැසිරිය යුතු සීමාවන් ලකුණු කරමින් සිටීම දේශපාලනික අදහසකින් ගත් විට ඉස්සා සුදනා සේ ක්‍රියා කිරීමට සහ කතා කිරිමට සමානය.මෙහිදි වඩාත්ම වැදගත් ක්‍රිඩා පණතේ බලය යන්න මැස්සෙකුට පැවරුණු වගකීමක් සේ සළකා තමන්ට ඇවැසි තැන්වල ඉහඳ තබා යන්නට පැවරුණු වගකිමක් නොවන බව ක්‍රීඩා අමාත්‍යවරයා තේරුම් ගැනිමය.මහින්දානන්ද අලුත්ගම යනු මේ රටට සාපේක්ෂව ක්‍රිඩාවට යම් වැඩක් කරන්නට උත්සාහ කළ අයෙක්ය.නමුත් වෙන අයගේ බල ව්‍යාපෘතිවල සිර වි ඔහු කරන්නට උත්සාහ කළ දේ නිසා අවසානයේ රටේ ක්‍රීඩාවන්ට අන්තර්ජාතික වශයෙන් පැනවෙන්නට ගිය වාරණය මහින්දානන්ද තේරුම් ගත්තේය.ඒ ඔහුගේ දේශපාලනික අත්දැකිම විසින් ඔහුට දුන්න සංඥාවන්ට අනුවය.රොෂාන් රණසිංහට අඬු එම අත්දැකීම් සහ ව්‍යාපාරිකයෙක් දේශපාලකයෙක් ලෙස තමන්ට අවශ්‍යය දේ පාලනය කරන්නට කිසිවෙක්ට නොහැකි බව සිතන මුග්ධ සංකල්පය විය යුතුය.ඔහු මේ බව කවදා හෝ තේරුම් ගන්නේ ඔහුගේ දේශපාලනයට මේ වැඩ හරහට පැමිණ තමන් අපකිර්තිමත් පුද්ගලයෙක් ලෙස හංවඩු ගැසුණු දවසකය.එදාට දුර සිට අද තමන්ව ඔවුන්ගේ උවමනාවන් දක්වා මෙහෙයවන්නට හදන අය ඒ මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයාට ද බලපෑම් කරමින් රඟන අයුරු පෙනෙනු ඇත.එසේම ඒ මොහොත වන විට ඔබ දරන මතයට වෙනස් මතය ඔවුන් සිටියහොත් ඒ අමාත්‍යවරයාට ඔබට පහර දිමට ගල් මුඟුරු රොක් කර දෙන්නේද ඔවුන් බව පෙණෙනු ඇත.

මේ සටහන අද නොපෙණුනත් ක්‍රිඩා අමාත්‍යවරයාට දිනෙක තමන් නොදැක සහ නොදැන අනුන්ගේ ඉත්තෙක් වි විනාශකාරී ඉරණමකට ගොඳුරු වූ බව තේරුම් ගැනීමට හේතු වනු ඇත.සරලවම මේ මොහොතේ සිද්ධවෙමින් පවතින්නේ අවම වශයෙන් ප්‍රාදේශිය මට්ටමෙන් ආණ්ඩුවේ පිරිහීම දැන ගන්නට හෝ ඉඩ නොදෙන සහ ඉඩ අහුරන ජනමතය ගැන සැකයක් ඇති ආණ්ඩුවක ඇමතිවරයෙක්,සැබවින්ම වැඩිම ක්‍රිඩා සමාජ ගණනක බලය සහිතව පත්වන සංගම් සම්මේලනවලට තග දැමීමය.නැත්නම් ඇරියස් කවර් කිරිමය.දවසක මේ සියල්ල ද ජනතාව ඉදිරියේ මහජන මතය විමසා සිටින අවස්ථාවක පුංචි කතිරයකින් ජනතාව ඔහුට කියා දෙනු ඇත.

ක්‍රීඩාව තිබෙන්නේ ඉතාමත් නරක තැනක පමණක් බව අපි නැවත නැවතත් සිහි කරන්නෙමු.ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට රටේ ක්‍රීඩාව නොපැවතීම යනු ආණ්ඩුවට බලපාන ගැටළුවක් නොවේනම් කම් නැත.එසේනම් ක්‍රීඩාවේ සැබෑ විද්‍යාත්මක අරමුණුවලින් සහ ජාත්‍යන්තර රාමුවෙන් ඈත්ව ක්‍රීඩා අමාත්‍යවරයාට එය සමඟ තව දුරටත් සෙල්ලම් කරන්නට දෙන්න.

සටහන – නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan