අපේ රටේ තියෙන ලොකුම ලෙඩේ කුහකකම – සජිත් ප්‍රේමදාස

Date:

කලාවැව අධ්‍යාපන බල ප්‍රදේශයේ තඹුත්තේගම ප්‍රදේශයේ සිසු සිසුවියන් පිරිසකට ඉන්දියාවේ පැවත්වෙන ජාත්‍යන්තර ROLLER – SKATER තරගාවලියකට සහභාගි වීමට අවශ්‍යය අනුග්‍රහයන් ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැදිහත් වී තිබෙනවා.

එම ප්‍රදේශයේ දානපති ව්‍යාපරිකයෙක් හරහා මේ අනුග්‍රහය ලබා දීමට ඔහු මැදිහත්ව සිටි අතර ඒ අනුව තරගාවලිය නියෝජනය කරන අයෙකුට ඔවුන්ගේ අවශ්‍යයතාවයට සරිලන පරිදි ඩොලර් සියය බැඟින් ලැබෙන සේ මේ පරිත්‍යාගය සිඳු කරන්නට කටයුතු කර තිබෙනවා.ROLLER – SKATER තරගාවලියට අවශ්‍යය පාවහන් ලබා ගැනීම සඳහා එම අනුග්‍රහය ලබා දුන්නා.


ඉකිරිගොල්ලෑව අන් නූර් ජාතික පාසලට විපක්ෂ නායකවරයාගේ සංකල්පයකට අනුව “සක්වළ’ වැඩ සටහන යටතේ සිදු කළ පරිගණක විද්‍යාගාර පරිත්‍යාගය වෙනුවෙන් සංවිධානය වූ උත්සව සභාවේදී මෙම සිසු -සිසුවියන්ට අනුගාහක චෙක්පත් ලබා දීම ද සිඳු කෙරුණා.

එම උත්සව සභාව අමතමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ අපේ රටේ පවතින ලොකුම ලෙඩේ කුහක කම බවයි.කිසිවෙක් වැඩක් නොකරන බවත් වැඩ කරන කෙනාව කුහකකමින් විවේචනය කරන බවත් මෙහිදි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.


ඉන්දියාව වැනි රටවල පවතින අයිටි පාර්ක් සංකල්පය උදාහරණයකට ගනමින් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාවේත් එවැනි තත්ත්වයක් ඇති කළ යුතු බව පෙන්වා දෙමින් හොරොව්පතාන,මැදවච්චිය,කලාවැව වැනි ප්‍රදේශවලටත් එවැනි අයිටී පාර්ක් ඉදිකිරීම අරමුණ විය යුතු බවත් පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...