සියලුම රාජ්‍ය ආයතන කෝප් කමිටුව හමුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වසර තුළ සියලුම රාජ්‍ය ආයතන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

රාජ්‍ය ආයතන 420ක් ඒ අනුව කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව ඔහු පෙන්වා දෙන අතර , විගණකාධිපති වාර්තාවට අනුව රාජ්‍ය ආයතන කෝප් කමිටුව හමුවට වාර්ෂිකව කැඳවීම් සිදුකළ යුතු වුව ද එය නිසි ආකාරයෙන් සිදුනොවන බවද වාර්තා වෙයි.

අප්‍රේල් මාසය තුළ තවත් රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙන අතර , ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

එම ආයතනවලින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මේ වසර තුළ කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර පසු විපරමක් ලෙස ඒවා යළි කැඳවීමට නියමිතව ඇත .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අකුරේගොඩදී සිදුවූ ද්විත්ව...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...