බීමත් රියදුරන් පරීක්ෂා කිරීම දිවයින පුරා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිවයින පුරා බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පවසන අතර , විශේෂයෙන් අධිවේගී මාර්ගවලට ඇතුළු වන ස්ථානවල ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් කණ්ඩායම්ද යොදවා ඇති බව ඔහු පෙන්වා දෙයි.

අලුත් අවුරුද්දෙන් පසුව ගම්බිම්වල සිට කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කර ඇති බව නිහාල් තල්දූව මහතා සඳහන් කළ අතර ,ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා,

“අධිවේගී මාර්ගයේ ඇතුළු වන ස්ථානවල සහ පිටවන ස්ථානවල බීමත් රියදුරන් පරීක්ෂාකිරීම සඳහා විශේෂයෙන් පොලිස් කණ්ඩායම් යොදවලා තියෙනවා. ඒ වගේම අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට නොසුදුසු වාහන එනවා, ඒ වගේම නොසුදුසු ආකාරයේ බඩු භාණ්ඩ පටවාගෙන එන වාහන ඇතුළුවීම සඳහා පැමිණෙනවා අපි අවස්ථාව දෙන්නේ නැහැ. මොකද වාහනත් වැඩියි. කොහොමත් අනාරක්ෂිත වාහනවලට ඇතුළුවීම අවස්ථාව ලබාදෙන්නේ නැහැ. ඒ වගේම කොළඹ දෙසට එන මංතීරුවල, ඒ වගේම පිටවීම් මධ්‍යස්ථානවල යම් යම් තදබදයන් ඇතිවෙන්නට පුළුවන් කිසිම අවස්ථාවක ඔබ අධිවේගී මාර්ගයේ වාහන පෙළට පැමිණෙනවා හැරෙන්නට කිසිම අවස්ථාවක අධිවේගී මාර්ගයේ පිටවීම් ස්ථානවල මංතීරුවෙන් ඉවතට ගොස් ගමන් කිරීමට උත්සහා කරන්නට එපා. එන මංතීරුවේ වාහන එක් පසක එකක් පැමිණිය යුතුයි. ඒ වාහනවලට විතරයි පිටවීමට අවස්ථාව ලබාදෙන්නේ.”

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ , මේ අතර බීමත්ව රිය පැදවීම හේතුවෙන් ඊයේ (15) දිනය තුළ මාරක රිය අනතුරු දෙකක් සිදුව ඇති බවත් , පොළොන්නරුව ඕනෑගම මාර්ගයේ සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මෙම අනතුරු සිදුව ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...