බිත්තර මිල පහළ යයිද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට රජය සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් පනවා තිබේ. එහෙත් වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ ඊට වඩා වැඩි මිලටය.

මේ තත්ත්වය මත වෙළෙඳපොළේ බිත්තර හිඟයක්ද මතු වූ අතර, ඊයේ (17) දින බිත්තර බර අනුව විකුණන අයුරු පිටකොටුවේදී දක්නට ලැබුණි.

එලෙස බිත්තර බර අනුව විකිණීම නීතියට පටහැනි බැවින් එම වෙළෙඳසැලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත් අතර , මැයි මස පළමු වනදා සිට රජයේ පාලන මිලට අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ (17) ප්‍රකාශ කළේය.

ඉන් පසුවත් ක්‍රමානුකූලව බිත්තර මිල පහළ යනු ඇති බව එහි සභාපති සරත් රත්නායක මහතා සඳහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...