අපේ කණ්ඩායමේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ – චරිත කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සිංහල අවුරුද්දෙන් පසුව මේ රට වෙනස්ම තැනකට තල්ලු වෙන්න නියමිත බවත් , පාර්ලිමේන්තු වේදී IMF එක සම්බන්ධව විවාදයක් තිබෙන බවත් ඒ මහතා පවසයි. ඒ පිළිබඳ පැහැදිලි කරන චරිත හේරත් මහතා ,

” අපි මහ බැංකු පනත සම්මත කරගැනීමටත් සූදානම් වෙනවා.ඒ වගේම ත්‍රස්ථ පනත ගේන්න නියමිතයි.මේ මස 25 වැනිදායින් පසු මේ කටයුතු ටික සිදු වෙන්න නියමිතයි.

නමුත් මේ ආණ්ඩුවට ජන වරමක් නෑ.ප්‍රතිපත්තියක් නෑ වගේම මේ ආණ්ඩුව යුක්තිසහගත නෑ.ජනතාව මොනවා කිව්වත් ඒ අයට අවශ්‍ය දේ කරමින් සිටිනවා. වික්‍රමසිංහ ජනාධිපති කරලා එයා කැමති දේ කරන්න කියලා පොහොට්ටුවට චන්දේ දීපු මිනිස්සු කියලා නෑ. තමන් කරන දේවල් සාධාරණීකරණය කරන්න තමයි ජාතික ආණ්ඩු හදන්නේ.

කවුරු හරි මේ ජනතා ද්‍රෝහී ආණ්ඩුවට උදව් කරනවා නම් ඒක වැරදියි. වික්‍රමසිංහට අවශ්‍ය බහුතරය දැනටමත් තිබෙනවානේ තවත් ජාතික ආණ්ඩු ඕන නෑ. දැන් එක එක පක්ෂ වලින් කෑලි ගන්න හදනවා. ජාතික ආණ්ඩුව කියන්නේ ව්‍යයසනකාරී පාලනයට සීල් එකක් පමණයි.

අපි නම් මේ ජාතික ආණ්ඩුවට සහය දෙන්නේ නෑ.මේ කරන්නේ සුයිසයිඩ් කරගැනීමක්.
අපි ඉල්ලන්නේ මේකට සහය දෙන්න එපා කියලයි. මේ ආණ්ඩුව හිතන්නේ ජනතාව හා රාජ්‍ය සේවා ත්‍රස්තවාදීන් කියලයි.දැන් ගැසට් එකකුත් ගහලා තිබෙනවා. සමස්ථ රාජ්‍ය සේවයම ත්‍රස්ථවාදීන් ලෙස හැදින්වීමට අපි විරුද්ධයි.

අපි IMF එකට යා යුතුවම තිබුනා.නමුත් මේ වෙනස්කිරීම් හා එකගතා සුදුසු නෑ.
මේ තරම් එකගතා එක්ක දීපු IMF ණයක් ලෝකයේ වෙන එකක්වත් නෑ.දැන් මේ අයට ඕන විදියට IMF ලියවිල්ලට අනුව මහ බැංකු පනත් වෙනස් කරනවා.මේක බරපතලයි.

ප්‍රතිත්‍රස්ථ පනතත් සුදුසු නැහැ.බරපතල අර්බුදයක් මේ පනතේ තිබෙනවා. නිර්වචන වල ගැටලු තිබෙනවා.මේකට අදාල පාර්ශව මැදිහත් විය යුතුයි. අපේ කණ්ඩායමේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ. ජී.එල්.පීරිස් මහතා තවමත් පොදුජන පෙරමුණේ සභාපති තමයි .නමුත් අපේ දේශපාලන වැඩපිලිවෙල වෙනස් එකක්.ඒ නිසා අපි වෙනම දේශපාලනය කරනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියන කතාව පුදුමයි.එයාට මතක නෑ මේ අවුරුදු 75 න් වැඩි කාලයක් රට පාලනය කලේ එතුමියයි අම්මයි තාත්තයි කියලා “

යැයි සදහන් කලේය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අහමදාබාද් ගුවන්තොටුපළ අසල...

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...