ඇත්ත වසන් කරන ගුවන් තොටුපොළ රේගුව!

Date:

කොළඹ (LNW): ගුවන් තොටුපොළ රේගුවේ CCTV කැමරා පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් LNW සිදුකළ අනාවරණයෙන් පසු මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර ලැබී නැති නමුත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයෙන් පසුවන බව ප්‍රථමයෙන් සටහන් කර තබමු.

රජයේ ප්‍රතිපත්තීන්වලට එරෙහිව ගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සමඟ එලෙස ගුවන් තොටුපළේ රේගුවේ CCTV කැමරා පද්ධතිය ක්‍රියාවිරහිතව පවතින බවටයි වාර්තා වී තිබුණේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් රේගු වෘත්තීය සමිති නිලධාරියෙකු සඳහන් කළේ එවැනි ප්‍රශ්නකාරී තත්ත්වයක් නොමැති අතර අවශ්‍යතාව පරිදි එම CCTV ක්‍රියාත්මක වන බවයි.

කෙසේවෙතත් CCTV පද්ධතියට එහා ගිය ප්‍රශ්න වැලක් රේගුවේ මෙන්ම ගුවන් තොටුපොළේද පවතින අතර ඒවා CCTV කමර පද්ධතියට වඩා බරපතල බවයි එම විමසීමේදී කියවුණේ.

කරුණු පැහැදිලි කිරීමේදී අනාවරණය වූයේ ගුවන් තොටුපොළ පරිපාලනය මෙන්ම රේගුවද අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන අතර ඒවා නිවැරදි කරගැනීමට තරම් අවශ්‍යතාවක් නොමැති බවයි.

මෙයින් අසාධාරණය සිදුවන්නේ ගුවන් තොටුපොළේ සේවය ලබා ගන්නා දේශීය මෙන්ම විදේශීය ජනතාවටය. මෙය ජනතා සේවයක් බව මෙකි නිලධාරීන් වහා අවබෝධකරගත යුතුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ ගිවිස ගනී!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC)...

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ 17කට හවුති අධිකරණයෙන් මරණ දඬුවම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු...

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ජාතික ඖෂධ...