ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අලාභය බිලියන 1.2ක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සමුච්චිත අලාභය මෙරට සමස්ත ජනගහනයෙන් බෙදූවිට එක් පුද්ගලයෙකුට රුපියල් 32,000 ක ණය මුදලක් දැරීමට සිදුවන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී ශ්‍රීලන්කන් ගුවන් සමාගම එම කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී හෙළිවී ඇත.

ඒ පිළිබඳ අදහස් දැක්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා,

“පසුගිය වසර දෙකක කාලය තුළ මෙහෙයුම් ලාභයක් ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත ලබාගෙන තිබෙනවා. ඒ වගේම එහි වර්ධනයකුත් තියෙනවා. නමුත් අවාසනාවකට සමුච්චිත අලාභය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. බිලියන 1.2ක අලාභයක් එකතුවෙලා තියෙනවා. අපි ගණනය කරලා බැලුවා.. ඒක පුද්ගල ශ්‍රී ලාංකික ණය උරුමය කීයද කියලා. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සමස්ථ අලාභය අපි බෙදුවොත් ජනගහනයෙන්.. රුපියල් 32,000ක් විතර එක්කෙනෙකුට හිමි වෙනවා ණය කොටස.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...