මෙම වසරේ පළමු කාර්තුවේ දී සියයට 105ක ආදායමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙම වසරේ පළමු කාර්තුවේ දී ඉලක්ක ගත ආදායම් ඉක්මවා සියයට 105ක ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන අතර එයින් වැඩි ප්‍රතිශතයක් ශ්‍රී ලංකා රේගුව විසින් උපයාගෙන ඇති බවද , ඌරාපොළ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

“මුළු වර්ෂයේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කය අයවැයේ සඳහන් පරිදි ඩොලර් බිලියන 1665යි. 1667න් පළමුවෙනි කාර්තුවට අපි ගණන් හදන්නේ, ආදායම් එකතුවීමේ රටාවක් තියෙනවා. ඒ රටාව අනුව තමා අනුව තමා අපි කාර්තුවලට බෙදන්නේ. ඒ අනුව බිලියන 302යි ඔවුන් අපිට හොයලා දෙන්න ඕනේ. ඔවුන් 316ක් හොයලා දීලා තියෙනවා. ඒ කියන්නේ 105%ක් ඔවුන් අපිට හොයලා දීලා තියෙනවා. අපි සැලකිල්ලට භාජනය විය යුතු අනෙකුත් ආයතන අපි රේගුව බැලුවොත් රේගුවට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ පළමු කාර්තුවේ ආදායමෙන් 89%යි. වැදගත්ම දේ සුරාබදු දෙපාර්තමේන්තුවේ පළමු කාර්තුවේ බැලුවොත් 64%ක තියෙන්නේ. ඒක අපි විශේෂයෙන් බලනවා. නීතියානුකූල සුරා භාවිතය අඩුවෙලා. අනෙක් පැත්තෙන් නීතියානුකූල නොවන දේ භාවිත වෙනවා. එය සෞඛ්‍ය ප්‍රශ්නයක් මතුකරයි ද අපි සොයා බැලිය යුතුව තියෙනවා. හැබැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ගේ ඉලක්ක ඉක්මවා ගොස් තිබෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...