ත්‍රීවීල් ගාස්තු අඩුවෙයිද …??

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රුපියල් 7කින් වැනි සුළු මුදලකින් ඉන්ධන මිල ගණන් පහත දැමූවද ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසන අතර එහි සභාපති ලලිත් ධර්මසේන මහතා අද (01) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, රුපියල් 7කින් වැනි සුළු මුදලකින් පෙට්‍රල් මිල පහත දැමීම ගාස්තු වෙනසක් සිදුකිරීමට ප්‍රමාණවත් නොවන බවය.

ලලිත් ධර්මසේන මහතා මෙසේද පැවසීය ,

“මේ රුපියල් 7 අඩු කිරීම නිසා සහනයක් නෙමෙයි අසහනයක් ඇතිවුණේ. ධනපතියාට එයාගේ බර අඩුකරනවා. අපිට සල්ලි දීලවත් අවශ්‍ය තරම් පෙට්‍රල් ප්‍රමාණය දෙන්නේ නැහැ. ඒ නිසා ඔය රුපියල් 7 අඩු නොකරාට කමක් නැහැ. විශේෂයෙන් හයර් දුවන ත්‍රීරෝද රථ රියදුරාට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දෙන්න කියලා ආණ්ඩුව කියන්න. මොනම හේතුවක් නිසාවත් ගාස්තුව අඩු කරන්නේ නැහැ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...