දමිළ පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජිත පිරිසක් අවුරුදු සුබ පැතුම් රැගෙන මහ කොමසාරිස් හමුවට

TELO සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා, TELO සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. කරුණාකරන් මහතා, PLOTE සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. සිද්ධාර්ථන් මහතා, EPRLF සභාපති සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා, TELO මාධ්‍ය ප්‍රකාශක ජී. සුරේන්තිරන් මහතා සහ DCP සභාපති වෙන්තන් මහතා අවුරුදු සුබ පැතුම් පිරිනැමීම සඳහා මහ කොමසාරිස්තුමා හමු වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සාකච්ඡා කෙරිණ.

2.       නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ අභිලාෂයන් සහ ඒ සම්බන්ධ කරුණුවල ප්‍රගතිය  පිළිබඳව මහ කොමසාරිස්තුමා දැනුවත් කළහ.

3.       මහ කොමසාරිස්තුමා එම නියෝජිත පිරිස වෙත අලුත් අවුරුද්ද සඳහා සුබ පැතුම් පිරිනැමූ අතර 13වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මත කිරීම සහ ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම උදෙසා ඉන්දියාවේ කැපවීම අවධාරණය කළේය.

***

කොළඹ

2023 අප්‍රේල් 28

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...