සජබ රජයක් යටතේ වත්මන් IMF ගිවිසුම සංශෝධනය කරනවා – විපක්ෂ නායක සජිත්

Date:

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් ඇතුළු තමා දේශපාලනය කරන්නේ පදවි තානාන්තර අපේක්ෂාවෙන් නොවන බවත් මේ දේශපාලනයේ අරමුණ ජනතාව අපේක්ෂා කරන පද්ධතියේ වෙනසක් ඇති කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ මැයි දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය කොළඹ ඊ. ඒ. ගුණසිංහ ක්‍රිඩාංගනයේ පැවැත්වූ මැලි රැළිය අමතමිනි.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ හොරු රකිමින් අල්ලස දූෂණය රජ කරවන වත්මන් රජය සමඟ එක්වීමට කිසිදු අදහසක් නොමැති බවත් මෙම රජය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානියට ලැබෙන වන්දියෙන් පවා කොමිස් මුදල් ලබා ගෙන ඇති බව යි.

එසේ ම වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම් තමා බලයට පත් වූ විගස සංශෝධනය කර ජනතාවට සහන ලබා දෙන බවත් වර්තමානයේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට 2048 වන තුරු සිටීම අනවශ්‍ය බවත් තමා සතු දක්ෂ පක්ෂ කණ්ඩායම උපයෝගී කර ගෙන රට පෙර තිබූ තත්ත්වයට කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බව ද පැවසීය.

තව ද ශ්‍රී ලංකා ෆස්ට් වැඩසටහන හරහා රට ගොඩ ගැනීමේ විවිධ ක්‍රම තමා ඉදිරිපත් කරන විට සුරංගනා කතා කියමින් ඒවා හාස්‍යයට ලක් කරන පිරිස් සිටින බවත් ඔවුන් කම්කරුවන්ගේ අයිතීන් සුරකින මුවාවෙන් හොරු රකිමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ රට ගොඩ ගැනීමේ මහා ජන පවුරට ජාති ආගම් කුල භේදයකින් තොරව සැවොම එකට එක්වන ලෙස යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...