අප්‍රේල් වෙනකල්ම කිසිසේත් කප්පාදුවක් නෑ – විදුලිය දෙන හැටි ලොකුගේ කියයි (VIDEO)

Date:

අප්‍රේල් මාසය වන තෙක්ම කිසිසේත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහතික වෙයි.

“දැන් අපි අප්‍රේල් මාසෙ වෙනකල් විදුලි සැලැස්මක් හදනවා කොහොමද අපි අප්‍රේල් මාසෙ වෙනකල් යන්නෙ කියලා. ඒවා ඔක්කොම ගණනය කරලා අපි බලනවා මේ විදුලි ජනනය කරන්න අපට තාප බලාගාරවලින් තවත් එළියට ගිහිල්ලා ගන්න ඕනෙද කියලා. එහෙම වුණොත් ඒ ගන්නත් අපි තීන්දු කරනවා. ඒ සැලැස්ම දැන් සකස් වෙනවා”

ප්‍රශ්නය – ඇමතිතුමා විශ්වාසයෙන් කියන්න පුළුවන්ද අප්‍රේල් වෙනකල් කිසිසේත් විදුලිය කැපීමක් වෙන්නෙ නෑ කියලා ?

“ඔව්, කියන්න පුළුවන්”

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (31) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විදුලි අර්බුදය සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම සාකච්ඡාවට විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් ද සහභාගී වූ අතර පැය තුනක් පමණ තිස්සේ සාකච්ඡාව පැවැත්විණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...