වංචනික ලෙස විදේශයන්ට ඩොලර් යැවූ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ගැන CID විමර්ශනයක්

Date:

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් වංචනික ලෙස රුපියල් කෝටි 26ක් පමණ වටිනා ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් විදේශයන්ට ප්‍රේෂණය කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (31) දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල හමුවට මෙසේ කරුණු වාර්තා කර ඇති බව සඳහන්.

නූරා මල්ටි ට්‍රේඩර්ස් යනුවෙන් ලියාපදිංචි කර ඇති ආයතනයක් හරහා රට ඉඳි, රන් භාණ්ඩ ආදී භාණ්ඩ මෙරටට ආනයනය කරන බව හඟවමින් මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා මෙරටින් ඇමරිකානු ඩොලර් විදේශයන් වෙත යවා ඇතැයි අනාවරණය වූ බවයි සීඅයිඩීය අධිකරණයට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මොවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔවුන් අධිකරණයට වාර්තා කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...