බූස්ටර් එන්නත ගන්න !

Date:

කොවිඩ් ලෝක වසංගතය පාලනය කිරීම සඳහා ඉදිරිපත් වී ඇති ප්‍රමුඛ ආයතනය ලෝක සෞඛ්‍ය සංවිධානයයි. එම සංවිධානයේ නිර්දේශයට අනුව කොවිඩ් වසංගතයෙන් ජීවිත බේරාගත හැකි එකම විද්‍යාත්මක උපාය මාර්ගය ප්‍රතිශක්තිකරණ එන්නත පමණි. දෙවියන්ට මේ රෝගය සුව කිරීමේ හැකියාවක් නැත. දෙවියන්ට නැති හැකියාවක් යක්ෂයන්ට හා භූතයන්ට තිබිය නොහැකිය.

ඒ අනුව අපේ කට්ටඩිරාලලාට හෝ ගොඩ වෙදුන්ට හෝ කොවිඩ් මර්දනය කිරීමේ කිසිදු හැකියාවක් නැත. මොළයක් ඇති මිනිසුන් පළමුව එය වටහාගෙන මිථ්‍යාවන් පසුපස යෑම වහා නැවැත්විය යුතුය. ඊළඟට හැකි විගස එන්නත් මාත්‍රා ගත යුතුය.ආණ්ඩුවේ බලවත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් හැටියට අපට අවශ්‍ය මුළු එන්නත් ප්‍රමාණය ලැබී තිබේ. අප්‍රිකාවේ බොහෝ රටවලට ප්‍රමාණවත් එන්නත් මාත්‍රා ලැබී නැත. සමහර රටවල මුළු ජනගහනයෙන් 10%කට තවම එන්නත් දී නැත. ඒ අතින් බලන විට දුප්පත් රටක් වන ශ්‍රී ලංකාව එන්නත් ගැනීම අතින් සුවිශාල ජයග්‍රහණයක් ඇත. එන්නත් මාත්‍රා දෙකක් නොව තුනක් දිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත. පූර්ණ ආරක්ෂාව ලැබෙන්නේ එන්නත් මාත්‍රා තුනෙන් පසුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව නිර්දේශ කර ඇත. අප එය පිළිගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුය.අපේ එන්නත්කරණයේ පළමු මාත්‍රාව දීමේදී ජනතාවගෙන් ඊට ලැබුණු සහයෝගය අල්ප විය.

සමාජය එන්නත් ගැනීම සම්බන්ධයෙන් පසුගාමී තැනක පසු විය. එහෙත් ඉතා ඉක්මනින් එය අවසන් විය. දෙවන මාත්‍රාව දීමේදී පෝලිම් දිගු විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ රටේ මුළු ජනගහනයෙන් හතරෙන් තුනකට එන්නත් මාත්‍රා දෙකම දීමට රජය සමත්වීමය. මුළු ජනගහනයෙන් 60%කට එන්නත් මාත්‍රා දෙකම දීමට හැකි නම් එය ජයග්‍රහණයක් සේ සැලකිණි. එම ජයග්‍රහණය අප ලබා ඇත. එහෙත් එතැනින් ඔබ්බට ගමන් කිරීම සිදු වන්නේ මන්දගාමී ලෙසය. වසංගත පාලනයේදී මන්දගාමී බව සුදුසු නැත.අලුත්ම පර්යේෂණවලින් හෙළිදරවු වී ඇත්තේ ප්‍රතිශක්තිකරණය සම්පූර්ණ වීමට එන්නත් මාත්‍රා තුනම ගත යුතු බවය. ඊශ්‍රායලය ජනතාවගේ වැඩි ආරක්ෂාව පතා හතරවන එන්නත් මාත්‍රාවක් ද හඳුන්වා දී ඇත.

ජනතාව ඉතා කැමැත්තෙන් ඊට සහභාගි වෙති. තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත දෙන මධ්‍යස්ථාන රට පුරා දෛනිකව ක්‍රියාත්මකය. එහෙත් මේ වන විට තුන්වන මාත්‍රාව ගෙන ඇත්තේ ලක්ෂ හැටකට අඩු පිරිසකි. මධ්‍යස්ථාන ගණන වැඩි කර ඇති‘මුත් එන්නත් ගැනීම සිදු වන්නේ ඉතා මන්දගාමී ලෙසය. මේ අනුව නැවත වසංගත ව්‍යාප්තිය වැඩි වන්නට පුළුවන.වර්තමාන කොවිඩ් තත්ත්වය ගත හොත් දෛනිකව රෝගීන් දහසක් හමුවන තැනට තත්ත්වය දරුණු වී ඇත. දෛනික කොවිඩ් මරණ ගණන විස්සකට වැඩිය. මේ අතර කුඩා දරුවන් අතර, ඔමික්‍රොන් වයිරස් ප්‍රභේදය වේගයෙන් පැතිර යන බව වාර්තා වෙයි. මීට අදාළ ළමා මරණයක් ද සිදු වී ඇත. රෝහල්වල තදබදය ද දිනෙන් දින වර්ධනය වෙයි.

දැන් අපේ ජනතාව තීරණයක් ගත යුතුය. තුන්වන එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් මිථ්‍යා මත ගණනාවක ඔවුහු සිර වී සිටිති. කට්ටඩියෝ හා ගොඩ වෙද්දු සමාජ මාධ්‍ය ඔස්සේ තුන්වන මාත්‍රාව ගැන බේගල් පතුරවති. ඇතැම් දේශපාලන ව්‍යාපාර ඒවාට හොඳින් තල්ලුව දෙති. ඔවුන්ගේ ඉලක්කය රජයේ වැඩසටහන් අසාර්ථක කිරීමය.සරම්ප, කක්කල්කැස්ස, ක්ෂය රෝගය, මැලේරියාව, බරවා රෝගය රට තුළ යළි හිස ඔසවන්නේ නැත. ඒ බටහිර වෛද්‍ය විද්‍යාව නිසාය. එය වටහාගෙන බූස්ටර් එන්නත ගන්න!

#ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...