ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නිල කමිටුවක් පිහිටුවයි !

Date:

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව නිල ණයහිමි කමිටුවක් පිහිටවූ බව පැරිස් සමාජය පවසයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු සාකච්ඡාව මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ (09) පැවති අතර එම සාකච්ඡාවෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් පැරිස් සමාජය මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ණයහිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ නිල කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරයි.

මෙම පළමු සාකච්ඡාව සඳහා චීනය නිරීක්ෂක මට්ටමින් සහභාගී වී ඇති අතර ඉදිරි සාකච්ඡා සඳහා ඔවුන් පූර්ණ සාමාජිකයකු වශයෙන් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව ජපානයේ ඉහළ පෙළේ මූල්‍ය නියෝජිත මසාටෝ කණ්ඩා මහතා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...