*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

අනුර වෙනුවට හරිනි හෝ සාලිය පීරිස්,

රටේ රාළ ඊයේ රනිල්ට තිබුණ අවස්ථාව ක්‍රමයෙන් ගිලිහෙන හැටි ගැන කිව්වා.රටේ රාළ කිව්වේ රනිල්ට තිබුණ අවස්ථාව ගැන මිසක් රනිල්ගේ හැකියාව ගැන නෙවෙයි.ඒ වගේම ජවිපෙට තියන අවස්ථාව ගැනත් රටේ රාළ කිව්වා. ඇත්තටම වැරදි දේශපාලන උපක්‍රම විසින් ජවිපෙන් ඒ අවස්ථාව ගිලිහිලා යන හැටි පෙන්නලා දෙන්න ඕනි.ඒ ජවිපෙත් එක්ක තියන තරහකට නං නෙවෙයි. ජවිපෙට ඕනි නම් වෙනස් වෙන්න පුළුවන් හින්දයි.රනිල් කියන විදිහට ඊළගට එන්නේ ජනාධිපතිවරණය. තව අවුරුදු එක හමාරක් ඇතුලත ජනාධිපතිවරණයක් එනවා.

පලාත් පාලන ඡන්දයත් එක්ක ජවිපෙ හදාගන්න හදපු මැතිවරණ මෙහෙයුම අවුල් වුනා.ජවිපෙ හිටියේ පලාත් පාලන මැතිවරණයෙන් ගන්න බලයයි, මහජන බලයයි පාව්චි කරගෙන ඉක්මනින් මහ මැතිවරණයක් දිනාගන්න.ඒ ප්‍රතිපලයත් එක්ක ජනාධිපතිවරණයට යන්න. ඇත්තටම ඒ සැලැස්ම තමයි ජවිපෙට තිබුණ වාසිදායකම සැලැස්ම.හැබැයි රනිල් සම්පුර්ණයෙන්ම ඡන්ද සිතියම අකුලලා වැඩේ කඩාකප්පල් කළා. පීක් එකට එමින් තිබුණ ජවිපෙ ගමන අඩාල වුනා.ජවිපෙට තිබුණ රැල්ල බැහැලා ගියා.ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ ජවිපෙට ඡන්ද පදනමක් නෑ කියලා.හැබැයි ජයග්‍රහණය දක්වා යන්න අවශ්‍ය මට්ටමේ ඡන්ද පදනමක් ජවිපෙට තවම නෑ.ඒක වර්ධනය කරගන්න ජවිපෙට බෑ.ඒකට හේතුව ජවිපෙ අනුගමනය කරන වැරදි දේශපාලන උපක්‍රම.ජවිපෙ රටට නායකයෙක් හදනවා වෙනුවට හැදුවේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක්.රටේ ඉදිරි ගමනට අවශ්‍යය බලවේගයක් හදනවා වෙනූවට ජවිපෙ කළේ මැතිවරණවලට තරඟ කරන්න අවශ්‍ය අපේක්ෂකයෝ හදන එක.

පලාත් පාලන මැතිවරණයේදී ඒක පැහැදිලිව පෙනුනා.පොහොට්ටුවේ දූෂිතයෝ ගොඩක් මාලිමාවවේ ලයිස්තුවල හිටියා.ඒ අතර හොරු තක්කඩිත් හිටියා.ඇත්තටම ජවිපෙට තිබුණේ මහජන රැල්ලකටත් වැඩිය අපේක්ෂක රැල්ලක්.ඡන්දය කල් යනවත් එක්ක අපේක්ෂක රැල්ලත් නැතිවෙලා ගියා.ජවිපෙට ජනාධිපතිවරණය දක්වා යන්න තිබුණ ජයග්‍රාහී පාර දැන් අවහිර වෙලා.මේ තත්වය සෘජුවම බලපාන්නේ අනුර දිසානායකට.අනුර මීට කලිනුත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලා අන්ත පරාජයක් ලැබපු කෙනෙක්.තව සැරයක් පැරදුනොත් අනුර නොකවුට්.ඒක නිසා අනුරට මේ දේශපාලන චලනය තීරණාත්මකයි.රටේ රාළ දන්න අනුර කියන්නේ පරාජයේදී පැනලා යන කෙනෙක්.ඒ වගේම රටේ රාළලා හිටපු ජවිපෙ කියන්නේ දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් සමස්ථයම පොරබදන සංවිධානයක්.ඒ ජීව ගුණය ජවිපෙන් අයින් කළේ අනුර සහ ටිල්වින් හවුලයි.

අද ජවිපෙ කියන්නේ පුද්ගල චරිත පුම්බන,සිද්ධි අල්ලාගෙන දේශපාලනය කරන පක්ෂයක්.ඊළඟ ජනාධිපතිවරණය වෙනකම් අනුරට ජනප්‍රියත්වය තියාගන්න බැරි උනොත්,අනුරට දිනන්න බෑ කියන හැගීම ඇති උනොත්,අනුර සමස්ථයම අතාරිනවා.අනුර කියන්නේ පක්ෂයේ ඉලක්ක එක්ක ජීවිත පරිත්‍යාගයෙන් ෆයිට් කරන කෙනෙක් නෙවෙයි.එදා 88/89 දිත් අනුර එහෙමයි,අදත් අනුර එහෙමයි.අනුර හැමදාම පොර බැදුවේ පෞද්ගලික ඉලක්කත් එක්ක.ඒක නිසා පරාජයේ ලැජ්ජාව අනිත් අයට වඩා අනුරට තදින්ම දැනෙනවා.රටේ රාළ කියන කතාව දැන් ජවිපෙටත් දැනිලා තියනවා. ජවිපෙත් දැන් ඉන්නේ අනුරට ජයග්‍රහණය කරන්න බැරිනං ජනාධිපතිවරණයට අනුර වෙනුවට වෙන කෙනක් දාන්න.මොකද අනුරට තව පාරක් පරදින්න බෑ. පැරදුනොත් අනුරට පක්ෂ නායකත්වයත් අහිමි වෙනවා.ඒ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ කියන සාකච්ඡාව දැන් ජවිපෙ ඇතුලේ යනවා.දැන් ජවිපෙ විකල්ප අපේක්ෂකයෙක් ගැන හිතමින් ඉන්නේ.

ලාල් කාන්ත වගේ කෙනෙකුට ඒ අවස්ථාව ගන්න බෑ.හැබැයි හරිනි ගැන ජවිපෙ හිතමින් ඉන්න බව පේනවා.ඊට අමතරව සාලිය පීරිස් වගේ කෙනෙක් ගැනත් ජවිපෙ සාකච්ජා කරපු බවත් ආරංචියි. අනුරට දිනන්න බැරි තත්වයක් යටතේ අපේක්ෂක බිලි boy කෙනෙක් ගැන ජවිපෙ අවධානය යොමු වෙලා.හැබැයි ජවිපෙට ඒ තිරණය ගන්න උනොත් ජවිපෙ බරපතල අමාරුවක වැටෙනවා.ඒ මාලිමාව හින්දා.ජවිපෙ මාලිමාව හැදුවේ ගිය පාර ජනාධිපතිවරණය වෙනුවෙන්.සමාන්‍යයෙන් ජවිපෙ දිගටම ජනාධිපතිවරණවලදි තෝරන උපක්‍රමක් ඒක.හැබැයි ජනාධිපතිවරණය ඉවර උන ගමන් හැමදාම ජවිපෙ කළේ ඒ තාවකාලික අට්ටාලය ගලවලා දාන එක.හැබැයි මේ පාර ජවිපෙ ඒ අට්ටාලය කර තියාගෙන යනවා. ජවිපෙ කියන්නේ මාලිමාව එයාලගේ බහුජන ව්‍යාපාරය කියලා. ඇත්තටම ඒක පට්ටපල් බොරුවක්. ජවිපෙ මතය වමවාදී මතවාදය. මාලිමාවේ මතය කියන්නේ ලිබරල් මතවාදය.වාමවාදී පක්ෂයක බහුජන ව්‍යාපාරයක් හැටියට ලිබරල් පක්ෂයක් තෝරපු පළවෙනි අවස්ථාව මේක වෙන්න ඕනි.

අද ජවිපෙම පක්ෂ දෙකක් හදලා. තමන්ගේ මතයට ප්‍රතිවිරුද්ධ පක්ෂයක් ජවිපෙ විසින්ම හදලා පෝෂණය කරනවා.රටේ රාළ කියන්නේ ඊළඟ විනාශය ජවිපෙට ගේන්නේ මාලිමාවෙන් කියලයි. ඇත්තටම ජවිපෙ කරන්න ඕනි වෙන බහුජන සෙට් එකක් කොහෙන් හරි ආනයනය කරගෙන ඒක එයාලගේ බහුජන ව්‍යාපාරය කියලා කියන එක නෙවෙයි.ජවිපෙ කියන කේඩරීය පක්ෂය බහූජන පක්ෂයක් කරන එකයි.ජවිපෙ ක්‍රියාධරයන් බහුජන නායකයන් බවට පත්කරන එකයි.මේ වැඩෙන් වෙන්නේ ජවිපෙ ක්‍රියාධරයා පවා බොරු මනස්ඝාත ලෝකයකට තල්ලුවීම විතරයි.දැන් ජවිපෙ නායකයන්ට සිද්ධ වෙලා තියෙන්නේ රැල්ල පවත්වාගෙන යාම වෙනුවෙන් බොරු කියන්න. මාලිමාව වෙනුවෙන් බොරු කියන්න.ඔයලා අහලා ඇති නසූර්දීන්ගේ කතා.එක දවසක් නසුර්දීන් පොඩි ලමයි ටිකකට බොරුවක් කියනවා.අහවල් දවසේ අහවල් තැන බඩු බෙදනවා කියලා. කොහොම හරි මේ කතාව කටින් කට ගිහින් ඒ කියන දවසේ අදාල තැනට වැල නොකැඩී සෙනඟ ඇදෙනවා.

මේක දකින නසූර්දීන්ටත් හිතනවා මේ සෙනඟ යන විදිහට එතන මොනවා හරි බෙදනවා ඇති කියලා. එහෙම හිතලා නසුර්දිනුත් බඩුගන්න එතෙන්ට යනවා. අන්තිමට නසූර්දින් කියපු බොරුවට නසුර්දීනුත් රැවටිලා.ඒ නසුර්දීන්ට වෙච්චිදේ තමයි අද ජවිපෙට වෙලා තියෙන්නේ.උදාහරණක් ගත්තොත් ගිය මැයි දිනය දවසේ අනුර කියනවා මේතන ඉන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාව කියලා.හැබැයි එතන පහළොස් දාහක් හිටියේ නෑ. ජවිපෙ වාර්තාවලට අනුව අතින් දාලාත් හිටලා තියෙන්නේ දාහත්දාස් ගාණක්.බුද්ධි අංශ වාර්තාවලට අනුව හිටලා තියෙන්නේ දහතුන්දාස් ගාණක්.හැබැයි රැල්ලට ආපු අය චූන් කරන්න පහලොස්දාහ ලක්ෂ ගානක් කරලා කියන්න අනුරට සිද්ධ වෙලා.රැල්ල පවත්වාගෙන යන්න අනුර කියපු බොරුවට දැන් අනුර ඇතුළු ජවිපෙත් රැවටිලා. බොරුවෙන් රැල්ල පවත්වාගෙන යන්න පුළුවන් බොහොම කෙටි කාලයයි.රාජපක්ෂලාට බොරුවෙන් බයියෝ උනත් පවත්වාගෙන යන්න පුළුවන් උනේ ටික කාලයයි.අද ඒ බයියෝ ටිකටම ජවිපෙන් පවත්වාගෙන යන්නෙත් බොරුවෙන්.

ඒක නිසා අවස්ථාවක් තියනවා නං තියෙන්නේ මාලිමාවට නෙවෙයි ජවිපෙට.ජවිපෙ කරන්න ඕනි විපක්ෂයේ කණ්ඩායම් අතර පොදු එකඟතාවයකට යන එක.ඒකට කරන්න බැරි විදිහට ජවිපෙ විසින් දාගෙන තියන මෝඩ බැරියර් ටිකක් අයින් කර ගන්න එක.ජවිපෙට ඒ වැඩේ ශ්‍රිලනිපයත් එක්ක කරන්න තිබුණා.ඇත්තටම ඒ අවස්ථාව පැහැර හැරීම ලොකු වැ‍රැද්දක්.රටේ රාළ කියන්නේ ජවිපෙට තවමත් ඒ අවස්ථාව ඉතිරි වෙලා තියනවා. විපක්ෂය එකතු කරන්න ජවිපෙට ධෛර්යය නැති උනත් ඒ අවස්ථාව ජවිපෙටත් දැන් ඇවිත් තියනවා. මොකද මෙතනදී සජබය ගැන විශ්වාසය තියන්න බෑ.සජබය සම්පුර්ණයෙන්ම නැතත් කොටසක් හරි යූඑන්පියට අවශෝෂණය කරගන්නවා.රනිල් බැසිල් ගැටුම ඇතුලේ ඒ නැඹුරුව තවත් වැඩි වෙන්න පුළුවන්.එතනදී ජවිපෙ මූල් වෙලා හදන විපක්ෂ සන්ධනයකට දැවැත්ත බලයක් නිර්මාණය කරගන්න පුළුවන්.

ඇත්තටම ඒ තුරුම්පුව හරියට අදින්න පුළුවන් නම් අනුරට ජනාධිපති හරි අගමැති හරි වෙන්න බැරිකමක් නෑ.හැබැයි තවමත් අනුරලා යන්නේ පරණ පාරේම නං අනුර කරන්නෙත් රනිල්ගේ ජයග්‍රහණය තහවුරු කරලා දීමක් කියලයි රටේ රාළට හිතෙන්නේ.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan