ග්‍රාම නිලධාරීවරුන් ගෙයින් ගෙට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙවර ඡන්ද හිමි නාමලේඛනය සංශෝධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසන අතර , කොවිඩ් රෝග තත්ත්වය සහ පැවති දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් පසුගිය වසර දෙකේදී ග්‍රාම නිලධාරින්වරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම නවතා දැමීමට තීරණය කර තිබුණි.

නමුත් ,  මෙවර ග්‍රාම නිලධාරිවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව සඳහන් වන අතර කෙසේ හෝ ග්‍රාම නිලධාරීන්වරුන් නිවෙස් වෙත පැමිණෙන අවස්ථාවලදී මහජනතාව නිවෙස්වල නොසිටියහොත් එම තොරතුරු වහාම ග්‍රාම නිලධාරින්වරුන් වෙත ලැබීමට සලස්වන ලෙස ද මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙයි.

ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මෙවර ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට නම ඇතුළත් කිරීම වඩාත් වැදගත් බව එම කොමිසම සඳහන් කළ අතර , ඡන්ද හිමි නාමලේඛන කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 31 වනදා වන විට එය සහතික කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද කොමිසම පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...