පී. හැරිසන් සජබෙ උපසභාපතිකමින් ඉල්ලා අස්වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමඟි ජනබලවේගයේ සියලු තනතුරු වලින් ඉවත් වී කොන්දේසි විරහිතව ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය ලබාදෙන බව සමගි ජනබලවේගයේ උප සභාපතිවරයෙකු වන පී. හැරිසන් මහතා පවසා ඇත .

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තමා සමඟ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 100 දෙනෙකු පමණ පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක්වන බවත් , සමගි ජනබලවේගය පක්ෂයේ බහුතරයක් ඉදිරි කාලය තුළ ජනාධිපතිවරයාට සහාය පළ කිරිමට එක්වනු ඇති බවද පී. හැරිසන් මහතා කියා සිටී.

“ප්‍රාදේශීය සභා තියෙන පාටක් පෙන්න නැහැ. පළාත් සභා මැතිවරණ තියෙන පාටක් නැහැ. තියෙනවානම් තියෙන්නේ ලබන අවුරුද්දේ ජුනි, ජුලිවල ජනාධිපති මැතිවරණයක්. ඒ් ජනාධිපති මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාට අපි කොන්දේසියකින් තොරව උදව් කරන්න ලෑස්ති. මම තනතුරු බලාගෙන තාන්න මාන්න බලාගෙන නෙමෙයි, මම එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 40කට ආසන්න කාලයක් මේ පක්ෂයේ ක්‍රියාකාරීව හිටපු කෙනෙක්. ඒක නිසා මම තීන්දු කෙරුවා මමත් අපේ ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත්, ඒ වගේම තව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු  100ක් එක්ක තව සති දෙකකින් ඔබ තුමාලාගේ මධ්‍යට මම එන්න ලෑස්ති. ඒ විතරක් නෙමෙයි මම එකක් කියන්නම් තව පොහොය දෙකක් යන්න ඉස්සර වෙලා සමගි ජනබලවේගයේ  බාගෙට බාගයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට යන එක නවත්තන් බැහැ. සමහර මන්ත්‍රීවරු දවල්ට සජිත් මහත්තයාට  මූණ පෙන්නුවාට රෑට රනිල් වික්‍රමසිංහ මහත්තයා  එක්ක සාකච්ඡා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යන්න දවසට රුපියල් ලක්ෂ 50ක් ඕනෑ – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට...

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...

දිනපු කෙනෙක් නැහැ-පැරදුන කෙනෙකුත් නැහැ

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW චැම්පියන් ලීග් ජාතික පාපන්දු...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 25) දිනයේදී උතුරු, උතුරු-මැද,...