ණය ප්‍රතිව්‍යුහගතකරණය දේශපාලනීකරණය වෙන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති

Date:

කොළඹ LNW: ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් යුතුව සිදු කරනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

විවිධ දේශපාලන නියෝජිතයන් විසින් සිදු කෙරෙන පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටින්නේ.

ද්වීපාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡාවලින් පසුව,ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය කෙසේ සිදු විය යුතු දැයි අවසන් තීරණය ගෙන, රජය විසින් මෙතෙක් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ පරිදි ම එය ප්‍රකාශයට පත් කෙරෙන බව අමාත්‍යවරයා කියාසිටියි.

“කඩා වැටුණු ආර්ථිකයකින් යළි නැඟී සිටිමින්, සමස්ත ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින අවස්ථාවක දී ණය ප්‍රතිව්‍යුහගතකරණය දේශපාලනීකරණය කරමින්, විවිධ දේශපාලකයන් ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. නමුත් මෙම ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවයක් හෝ පදනමක් නැති බව අවධාරණය කරනවා. ද්වීපාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා වලින් පසුව, ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය කෙසේ සිදු විය යුතු දැයි අවසන් තීරණය ගෙන, රජය විසින් මෙතෙක් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ පරිදි ම එය ප්‍රකාශයට පත් කෙරෙනවා. ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලියට කිසිදු මැදිහත්වීමක් හෝ නොකරන පාර්ශ්වයන් විසින් පදනම් විරහිතව මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ යම් යටි අරමුණකින් බවත්, එවැනි ප්‍රකාශ පිළිබඳව ජනතාව සෑම විටම අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් කිව යුතුයි. ඒ වගේම මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ තීරණය, සාධාරණ පදනමකින් විනිවිදභාවයෙන් යුතුව ගන්නා බව රජය නැවතත් තහවුරු කරනවා.”

රටේ ආර්ථිකය කඩා වැටීමට බලපෑ සාධක මේ වනවිට අවබෝධ කරගෙන තිබෙන හෙයින් නැවතත් එවැනි ආර්ථික ආගාධයකට රට ගෙන යන කිසිදු තීරණයක් ජනාධිපතිවරයා හෝ රජය විසින් නොගන්නා බවත් රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින විට පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම වගකිව යුතු මහජන නියෝජිතයන් විසින් සිදු කිරීම අනුමත කළ නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...