බල්ලා කැටුව යන කාන්තාව ඒ මගේ අම්මා

Date:

මේ වන විට ඕස්ට්‍රේලියාවේ නීතිවේදියෙකු හැටියට කටයුතු කරන ලක්බිම සහ ලක්බිම නිවිස් පුවත්පත්වල කතෘ මණ්ඩල සාමාජිකයෙක්ව සිටි තිලංග ශ්‍යාම්ජිත් ෆොන්සේකා විසින් රචිත ඔහුගේ දෙවන කෘතිය මේ වන විට සමාජ ගත කර තිබෙනවා.ඝර්ම නව කතාව ඔහුගේ පළමු සාහිත්‍ය කෘතිය වන අතර එය ඉකුත් වසරේ නිකුත් වුණා.මේ වසරේ ඔහු නිකුත් කළ කෙටි කතා සංග්‍රහය “බල්ලා කැටුව ගිය කාන්තාව ඒ මගේ අම්මා” නමින් නම් කර තිබෙනවා.
‘බල්ලා කැටුව ගිය කාන්තාව ඒ මගේ අම්මා’ නම් වූ කෘතියේ ලේඛණ ශෛලිය තිලංග බොහෝ විට,නාටකීය දෙබස් ස්වරූපයකට සමීපව ගොඬ නඟන්නට උත්සාහ කර තිබෙනවා.ඒ නිසාම වෙහෙසකර නොවූ කියවීම පහසු කරවන ආකාරයට එම කතාවන් ගලා යනවා.ප්‍රස්තුත කරගන්නා කාරණාවන් පුද්ගල නාම සහ ප්‍රදේශ නාම යම් අවස්ථාවක ආගන්තුක බවක් ගත්තද,ඒවා අවසානයේ පොදු විශ්වීය මිනිසාගේ සහ ගැහැණියගේ යන අනන්‍යතාවය සහිත සාහිත්‍ය වියමන් බවට පත් කරනවා.

තිලංග විසින් මෙම කෘතිය හදුන්වා දෙන්නේ “එදිනෙදා අප අත්විඳින ජීවිතයෙන් පෙත්තක්” ලෙස යි.
සමස්තයක් ලෙස ගත් විට ඔහු මිනිසෙක්ගේ ද්විත්ව හැසිරීම සෑම කෙටි කතාවකම මෙන් එළිපිටින් ප්‍රශ්න කරනවා හෝ පාඨකයාට නිර්මාණය ඇතුළතින් ඒත්තු ගන්වන්නට හරින බවක් දැකිය හැකියි.කලෙකට පසුව දැකිය හැකි වෙනස් හා අලංකාර කංචුකයක් තිලංගගේ කෘතිය වෙනුවෙන් නිර්මාණය කර දීමට කාවින්ද සිරිවර්ධන කටයුතු කර තිබෙනවා.රුපියල් 970 ක් සේ මිල සඳහන් කාතිය ලබන සතියේ සිට වෙළඳ පොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ජීවිතය බෙදා ගැනීමේ අභිලාෂයෙන් සාහිත්‍යමය ක්‍රියාකාරකම්වල නිරත තිලංග සිය කෘති සඳහා වන පාඨකයන්ගේ ප්‍රතිචාර බෙහෙවින් අගය කරනවා.ඒ නිසා ඔහු සිය කෘති කියවන පාඨකයන්ගෙන් +61 423 366 498 නම් වට්ස්ඇප් අංකය ඔස්සේ මෙම සාහිත්‍යමය වියමන් ගැන ප්‍රතිචාර ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනවා.
සංගීත පවුලකින් පැවත එන ශ්‍යාම් තිලංග ෆොන්සේකා ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් ද සිය අවධානය යොමු කර තිබෙනවා. මේ වසර නිමවීමට පෙර ඔහු විසින් තනු නිර්මාණය කරන ලද ගීයක් විශේෂ අවශ්‍යයතා සහිත ප්‍රජාව නියෝජනය කරන ගායන ශිල්පියෙක් වන ජාරක නරේන්ද්‍ර විසින් ගායනා කිරීමට සූදානම්ව සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...