රාගම වෛද්‍ය සිසුන්ට ඇමති අරුන්දිකගේ මැරයින් පහරදීම : පොලිස් ඇමතිගෙන් ප්‍රකාශයක්

Date:

රාගම වෛද්‍ය පී‍ඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට අද (02) අළුයම කඩාවැදුණු පිරිසක් විසින් එහි සිසුන්ට එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් ලබාදී ඇති උපදෙස් අනුව බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ කැළණිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙන්නේ.

අද අළුයම 03.00 ට පමණ මෝටර් රථ දෙකකින් පැමිණි 15 දෙනෙකුගෙන් පමණ සමන්විත මැර පිරිස මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර වෛද්‍ය සිසුන් තිදෙනෙකු එයින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. එසේ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරෙනු සිසුන් තිදෙනා අතරින් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රහාරයට පැමිණි මැරයින් එක් වාහනයක් අතැරදමා පළාගොස් තිබුණු අතර එය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා යටතේ පවතින පොල් සංවර්ධන මණ්ඩලයට අයත් වාහනයක් බව අනාවරණය වී ඇත. එමෙන්ම එක් මැරයෙකුගේ මුදල් පසුම්බියේ තිබුණු හැඳුනුම්පතකින් අනාවරණය වී ඇත්තේ ඔහු අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයෙහි සාමාජිකයෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත් අඩංගුවේ පසුවන අතර ඔහු සිසුන් විසින් අල්ලා පොලිසියට භාරදුන් අයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...