ඉන්ධන නොමැති වීමෙන් කැළණිස්ස අක්‍රිය වෙයි

Date:

ඉන්ධන නොමැති වීම නිසා කැළණිතිස්ස විදුලි බලාගාරය අක්‍රිය කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

එම බලාගාරය සඳහා අවශ්‍ය ඩීසල් ඊයේ (02) රාත්‍රී 07.00 පමණ වනවිට අවසන් වූ බවයි විදුලිබල වෘත්තීය සමිති පවසන්නේ.

කෙසේවෙතත් ඉදිරි සතියක් සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ එකඟ වූ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ දහවල් ප්‍රකාශ කර තිබිණි.

පෙරේදා දිනයේදී යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය ඊයේ දිනයේදී යළි පද්ධතියට එක් කර ඇති අතර එයින් මෙගාවොට් 300ක පූර්ණ ධාරිතාවයම පද්ධතියට ලැබෙමින් පවතින බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...