රෝසිටත් ජනාධිපතිගෙන් අලුත් පත්වීමක්!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබේ.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් මේ වන විට නිකුත් කර ඇති බව සඳහන්.

දැනට ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණයේ අපෙක්ෂිකාවක ලෙස ඉදිරිපත් වි සිටින රෝසි සේනානායක ජනාධිපති පළාත් පාලන කටයුතු උපදේශකවරිය ලෙස පත් කිරිම නිත්‍යානුකූල නොවන පත්වීමක් බව අද (26) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරන ලදී.

රෝසි සේනානායක මහත්මිය අපේක්ෂිකාවක් ලෙස කොළඹ නගර සභාවට තරඟ කරන විට මෙම පත්වීම තුළ මැතිවරණ ව්‍යාපාරයට අනියම් ආකාරයේ බලපෑමක් කළ හැකි බවයි රහුමාන් මහතා පවුවේ.

මේ අතර පසුගියදා ඇය මෙතෙක් සංවිධායක ධූරය දැරූ බටහිර කොළඹ ආසනයේ නව සංවිධායක ලෙස සාගල රත්නායක මහතා පත් කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...