නීති කඩකර ප්‍රතිඅපනයනය කරන කරුංකා ජාවාරමක් ගැන සජිත්ගෙන් අනාවරණයක් (VIDEO)

Date:

පුවක් වගාව මේ රටේ දහස් සංඛ්‍යාත ජනතාවක් ආදායම් ලබන ක්‍රියාදාමයක් වන බවත් වසරකට මෙට්‍රික් ටොන් 20000ක් නිෂ්පාදනය කරන බවත් ඉන් මෙට්‍රික් ටොන් 4000ක් පමණ අපනයනය කරන බවත් විපක්ෂ නායකවරයා පවසයි.

ඉන්දීය ශ්‍රි ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා අයිතම 4000ක් ඉන්දීය වෙළෙඳ පොළට අපනයනය කිරීමේ හැකියාව තිබෙන බවත් ඒ සඳහා ප්‍රභව ස්ථාන සහතිකයක් ලබා දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඉන්දුනීසියාවෙන් සහ වෙනත් රටවලින් කරුංකා ආනයනය කර අගය එකතු කිරීමකින් තොරව ප්‍රතිඅපනයනය කිරීමක් සිදු කරන බව පාර්ලිමේන්තුවේ අවධාරණයට ලක් කළේය.

මේ නිසා දේශීය නිෂ්පාදනකයන්ට බරපතල අසාධාරණයක් සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් මෙසේ ප්‍රමිතියකින් තොරව අපනයනය කිරීමෙන් අප රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ අසාධුලේඛන ගත විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පෙන්වා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...