නොවැම්බර් මාසයේදී උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට !

Date:

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ දී සියයට 11.1 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා මහබැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 8.3හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 11.1 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේය.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 11.7හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 16.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.4හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේය.

2021 නොවැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 3.14ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 2.61කින් සහ සියයට 0.53කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, 2021 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, එළවළු, සහල්, කිරි පිටි, ලොකු ළූණු, නැවුම් මත්ස්‍ය සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල් සහ මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 නොවැම්බර් මාසයේ දී ඉහළ ගියේය.

තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.2හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 8.8 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.6හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...