රත්නපුරේ කඹේ යුද හමුදාව පැත්තට ඇඳ ගනියි

Date:

රත්නපුර දිස්ත්‍රික් කඹ ඇදීමේ සංගමය සංවිධානය කරන ලද ජාතික මට්ටමේ කණ්ඩායම් සහභාගි වූ කඹ ඇදීමේ තරගාවලියේදී වැඩි දස්කම් දක්වන්නට යුධ හමුදාව සමත් වුණා.රත්නපුර කහවත්ත මහජන ක්‍රීඩාංගණයේ පැවති මෛ තරගාවලියේ විවෘත පිරිමි සූරතාවයද,පිරිමි ත්‍රිවිධ හමුදා තරගයේ සූරතාවයද දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම් සමත් වූ අතර කාන්තා කිලෝ ග්‍රෑම් 560 බර පංතියේ තරගයේ සූරතාවයද තමන් සතු කර ගැනීමට සමත් වුණා.

කාන්තා අවුරුදු 23 න් පහළ තරගයේදී සුපුරුදු දසක්ම් දක්වමින් සිය සූරතාවය තහවුරු කර ගත්තේ කහවත්ත ක්‍රීඩා සමාජ කණ්ඩායමයි.විවාත තරගයට ඉදිරිපත් වූ පැල්මඩුල්ල කණ්ඩායම කඹ ඇදීමේ තරගකාරී අත්දැකීම් නොමැති වුව ද ඒහි තෙවන ස්ථානය දිනා ගැනීම කැපී පෙණුනා.හමුදා කණ්ඩායම් සහභාගි නොවුණු කිලෝ ග්‍රෑම් 640 බර පංතියේ තරගයේ දි ඒහි සූරතාවය දිනා ගත්තේ ඩම්බෙල් ක්‍රීඩා සමාජ කණ්ඩායමයි.
යුද හමුදා කණ්ඩායම්,සිවිල් ආරක්ෂක කණ්ඩායම්,අවුරුදු 23 න් පහළ පිරිමි සූරතාවය දිනූ අයන් ආර්ම්ස් කණ්ඩායම,කොළඹ ජයන්ස් කණ්ඩායම,රත්මලාන ඇකඩමි කණ්ඩායම.ලයන් ආම්ස් කණ්ඩායම,භාතිය කණ්ඩායම,ලයන් හාර්ට් යන කණ්ඩායම් ද මෙම තරගාවලියේ ජයග්‍රාහී ස්ථාන දිනා ගත් කණ්ඩායම් අතර සිය නම රඳවා ගැනීමට සමත් වුණා.

අජිත් රෝහණ කොළොන්න මහතා මෙහි ත්‍යාග ප්‍රදානය සඳහා සිවිශාල දායකත්වයක් දක්වා තිබුණු අතර සපරගමු පළාත් සභාවේ මෙන්ම ජාතික කඹ ඇදීමේ සංගමයේ ප්‍රධානින් ද ඊට සුවිශේධ ආරාධිතයන් ලෙස ඒක්ව සිටියා.ප්‍රදේශයේ කීර්තිමත් මැණික් ව්‍යාපාරිකයන් රැසකට ආරාධනය කර තිබූ මෙම තරගාවලියේදී ඔවුන්ට සියැසින් සිය ප්‍රදේශයේ කඹ ඇදීමට හපන්කම් දක්වන දූ පුතුන් දැක ගැනීමට හැකියාව ලැබුණා.ඒ දැක්ම අඩුම තරමේ ජාතික මට්ටමෙන් දස්කම් දක්වමින් ජයග්‍රහණ වාර්තා කරන මට්ටමෙන් ක්‍රීඩාව පවත්වා ගෙන යන සිය ප්‍රදේශයේ ක්‍රීඩා සමාජයක් වන කහවත්ත ක්‍රීඩා සමාජයට හෝ කඹ ඇදිමට නිර්දේශිත කඹයක් අරගෙන දීමට එම ව්‍යාපාරිකයනට සිතක් පහළ වීමකින් නිමා වෙනවානම් රත්නපුරේ කඹය තවත් ශක්තිමත් වේවී.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...