ඇන්ජලෝ එළියට

Date:

සිම්බාබ්වේ හී පැවත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීමට යන ශ්‍රී ලංකා කණ්ඩායමට අමාක්‍යංශයේ අනුමැතිය අවසාන මොහොතේ දී හිමි වී ඇත.එම කණ්ඩායමෙන් ඇෆ්ගනිස්තානු තරගාවලිය සඳහා කැඳවා සිටි ඇන්ජලෝ මැකිවිස් ඉවත් කර ඇති අතර එම සංචාරයේදී අලුතින් කණඩායමට එක් වූ දුෂාන් හේමන්ත රඳවාගෙන ඇත.

දසුන් ශානකගේ නායකත්වය සහ කුසල් මෙණ්ඩිස්ගේ උප නායකත්වය යටතේ සිදු කරන මෙම සිම්බාබ්වේ සංචාරයේදී ජූනි 13 දා නෙතර්ලන්තය සමඟත්,නොවැම්බර් 15 වන දා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟත් ශ්‍රී ලංකාව තරග වදිනු ඇත.

ඒ සහ බී ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරගාවලියේ මූලික තරග පැවත්වෙන අතර ශ්‍රී ලංකාව අයත්වන්නේ බී කාණ්ඩයටය.ඒ අනුව බී කාණ්ඩයේ කණ්ඩායම් අතර පැවත්වෙන තරගවලදී ශ්‍රී ලංකාවට ඕමානය,ස්කොට්ලන්තය,එක්සත් අරාබී එමීර් රාජ්‍යය,අයර්ලන්තය යන කණ්ඩායම්වලට එරෙහිව තරග වදින්නට සිදුවනු ඇත.

තරගාවලියේ පෙර පුහුණු තරගවලින් පසුව මූලික වටයේ තරග ආරම්භ වීමට නියමිතව ඇත්තේ ජූනි 18 වන දා ය.එදිනට ශ්‍රී ලංකාව තරග වදින්නේ නැති අතර ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරගයට සහභාගි වන්නේ ජූනි 19 වන දා එකසත් අරාබි එමීර් රාජ්‍යය සමඟය.තරගාවලිය තරග පැවතවෙන ආකාරය දැක්වෙන නිල ක්‍රික් ඉන් ෆෝ සටහනට පහතින් පිවිසිය හැකිය.

https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/match-schedule-fixtures-and-results

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...