බැසිල් හඳට යනවායි කියනකොට කබ්රාල් ඉරට යනවායි කියනවා. මොන විකාරයක්ද මේ ? – හර්ෂ (VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගැනීමක් පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළත් එම ආයතනයට යැවූ ලිපියෙහි සඳහන්ව ඇත්තේ පුහුණු වැඩසටහනක් සඳහා එම ආයතනයෙන් නියෝජිත පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමක් පිළිබඳව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“මුදල් ඇමතිතුමා කියනකොට හඳට යනවායි කියලා, කබ්‍රාල් අධිපතිවරයා කියනවා ඉරට යනවායි කියලා. මොන විකාරයක්ද මේ ? ඊයේ බැසිල් ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවේ කියනවා ලියුමකිනුත් දැන්නුවා ලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒගොල්ලොන්ට සහාය ලබාදෙන්න කියලා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සෙ ඒකෙන් ටීම් එක්කුත් එනවාලු. දැන් අද කබ්‍රාල් අධිපතිවරයා කියනවා එහෙම එකක් කරලා නැල්ලු. දැන් මං ගාව තියෙනවා ලියුම. මේ ලියුමෙ තියෙන්නෙ ට්‍රේනිං ප්‍රෝග්‍රෑම් එක්කට එන්න කියලා. ඒ කියන්නෙ මුදල් අමාත්‍යාංශය දාලා තියෙනවාලු සාර්ව ආර්ථිකය සහ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් පටන් ගන්න, ඒ වැඩසටහනට කට්ටියක් එවන්න පුළුවන්ද කියලා. ඒ කියන්නෙ මේක මේ දකුණු ආසියා ට්‍රේනිං ප්‍රෝග්‍රෑම් එකක දිගුවක් හැටියට අරන් යන්නෙ. මේකට මේ ඊට පස්සෙ IMF එකෙන් කියලා තියෙනවා ජපාන ආණ්ඩුවෙන් කිව්වා කියලා ඒ ට්‍රේනිං ප්‍රෝග්‍රෑම් එකේ ලෙක්චරර්ස්ලාට සල්ලි ගෙවන්න, ඒගොල්ලො ඇවිල්ලා ට්‍රේනිං ප්‍රෝග්‍රෑම් එක කරයි කියලා. මොනවා කියනවාද කියලා කිසි කෙනෙක් දන්නෑ. එක්කෙනෙක් දකුණට, අනිත් එක්කෙනා වමට. එක්කෙනෙක් යනවා, අනිත් එක්කෙනා යන්නෑ”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (03) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල දිස්ත්‍රික්ක 4ක දැනට පවතින නායයෑම් තත්වයන්...

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...