*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

එළිය අඩු වෙන්න නොදී රැක ගත යුතු “තරු ලකුණ” තරුෂි

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා ක්‍රිඩිකාවක හෝ ක්‍රීඩකයෙක් දිනූ වැඩිම පදක්කම් ගොන්නේ හිමිකාරිය වන්නට තරුෂි කරුණාරත්න සමත් වූවාය.ඇය මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර,විනෝද් ආරියවංශ,ජයේෂි උත්තරා සහ ෂෙහාන් ඩිල්රංග සමඟ එක්ව මීටර් 400 සහය දිවීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නටද තරුෂි හවුල් වූවාය.ඇයට මීටර් 400 ඉසව්වේ දී හිමි වූයේ රිදී පදක්කමය.

මේ සියල්ල අයට පහසු වූවාය.හේතුුව මේ තරුවේ දීප්තිය කැඳවන යන්තරය ඇය පසුපසම වූවාය.


“ඇත්තටම හරි අමාරුවෙන් දිව්වෙ.මාසෙකට ඉස්සර නිව්මෝනියා තත්ත්වයටම අසනීප වුණා.ඩොකර්ට් රනිල් ජයවර්ධන ගොඩක් උදව් කළා.ගෙදර අම්මයි තාත්තයි අයියය් ඔක්කොම බලා ගත්තා.දුවන්න පුළුවන් තත්ත්වයට ගත්තෙ කරදරයක් නොවී සර්.සර් මීට එක වෙලාවෙත් හැම වෙලාවෙම දුවන්න ඕනි මොරාල් එක හදනවා.කොච්චර අපහසුවක් දැණුනත් ඉතිං සර් කතා කරාම හිතේ අස්සෙන් එන හයියක් තියෙනවා.”


ඇය පවසන්නේ අප පවසන යන්තරය වන සුසන්ත ප්‍රනාන්දු දැක් වූ සහයෝගය සහ මඟ පෙන්වීම ගැනය.
තරුෂි පවසන්නේ ඇය රිදී පදක්කම දිනූ මීටර් 400 ද ජය ගැනීමේ අපේක්ෂාවෙන් පසු වූ බවය.


“අසනීප වී හිටිය එක වගෙම පොඩි හීතලකුත් තිබුණ නිසා සෙම ගතියක් ආවා.හීතල නම් ඉතිං නුහුරු නැහැ.නමුත් අසනීපෙන් හිටිය නිසා සෙම වගෙ ආවම ඉතිං පරිස්සමෙන් වැඩ කරන්න ඕනි”


තරුෂි තමන් රටක වගකීම දරා සිටින බව දැන උන්නාය.පරිස්සම උපරිමයටම රැක්කාය.


“තාත්තා ත්‍රීවිල් එකක්නෙ දුවන්නෙ.අපේ කුලී ගෙදරට එන්නෙ සතියට දවසයි.එයා දැන් විකුණන්න දාලා තියෙන උඩුදුම්බර මහා ගෙදර ඉන්නෙ?


එවා මීටර් 800 ක් දිවීමට වඩා,මීටර් 400 ක් දිවීමට වඩා දුෂ්කරතා පිරුණු කතාවන්ය.උඩුදුම්බර ජීවිතය ද පහසු නැත.ඇය ප්‍රාථමික අධ්‍යාපනය නිමා කළ චූලාභය ද්විතිකයට මේ ලියුම්කරුම වරක් දැල් පන්දු පරිත්‍යාගයකට ගියේ එම පාසලේ ඉරණම වෙනස් කරන්න මැදිහත් වූ සැබෑ ගුරු මෑණිවරියක වූ තිළිණා ෂැලවින්ගේ දැන හැදුණුම්කමේ මඟ ඔස්සේය.


ඒ දුෂ්කරකම සමඟ ගැටෙන ත්‍රීවීල් රියැදුරෙක්ගේ සහ පාසලක අනධ්‍යයන කාර්ය මණ්ඩලයකට අයත් සේවිකාවකගේ දුවක්ගේ සහ පුතෙක්ගේ ක්‍රීඩා හැකියාව වෙනුවෙන් කුලියක් ගෙවා ගෙන නිවසක නවතින්න සිඳුවන්නේනම්…


ගෙවුණු කොවිඩ් අවදියේ දී තරුෂි මෙන්ම මලල ක්‍රීඩකයෙක් වූ සිය අයියා හර්ෂ කරුණාරත්නට ද වලල නේවාසිකාගාරය වැසී යන්නේ කොවිඩ් නිසා රටම වැසෙද්දීය.ඒ නිසා පුහුණුව සඳහා දිගන ප්‍රදේශයෙන් නිවසක් ගැනීමට සිදුවන අතර අම්මාට ස්ථාන මාරුවක් ද සොයා ගන්නට සිදුවන්නේය.අද ඒ නිවසට කුලිය ගෙවීමට අමතරව තරුෂිගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙවන්නට ද ඔවුන්ට සිදු වී ඇත.


“මම ටුවර් එකක් යනකොට ඉතිං ඒ දෙන්න කොහාට හරි ණය වෙනවා.”


ඇය රටේ හැමෝවම සතුටු කරමින් දිනා දුන් රන් පදක්කම් ගෙදර පිරෙන්නට ඇත.ඒ තරමටම බිංදු ගණන දරා ගන්න බැරි තරමට දිගු වූ ණයත් ඒ ජීවිතවල සතුට අහුරා පිරි ඇත.ඒත් ඔවුහූ ඒ ණය නොතකා දියණියගේ ජයග්‍රහණය ගැන ඉහළින්ම උදම් වෙති.


“අද තාත්තයි අම්මයි ඉන්නෙ හරිම සතුටෙන්.මටත් හිතාගන්න බැරි විදිහට උත්සවයක් තිබ්බා උඩුදුම්බරෙන්.කොහොමත් මම දිනුවට මෙච්චර ප්‍රතිචාර එයි කියලා හිතුවෙ නැහැ.ඒත් මාධ්‍ය නිසා සමාජයට මේක තදින් දැනිලා තිබුණා.හුඟ දෙනෙක් මේ ජයග්‍රහණ නිසා සතුටු වෙන එක ගැන මටත් පුදුමයි සතුටුයි වගෙම ක්‍රීඩාවෙන් කරන්න පුළුවන් දේ ගැන ලොකු හැඟීමකුත් ඇති වෙලා තියෙන්නෙ.”


තරුෂි ආසියානු ජයග්‍රහණය සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් බොහෝ සෙයින් තෘප්තිමත්ය.එසේම මේ ආකාරයටම කොරියාවේ දී ද ඇයට ආසියාවේ අන් රටවල ක්‍රීඩකයන්ගෙන්, පුහුණුුකරුවන්ගෙන්, නිලධාරීන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබී ඇත.


“හීනා තමයි හොදටම යාළු වුණේ.එයාගේ සර්ටත් මං ගැන කියලා සර්ත් මට සිංහලත් එකතු කරලා මැසේජ් එකක් එවලා තිබුණා”


හීනා ගේ පුහුණුකරු අර්ජුන් පටියාල පුහුණුවීම් සඳහා ආදිය සහභාගිවන ශ්‍රී ලංකා පුහුණුකරුවන්ගෙන් ලද සිංහල දැණුම අනුව ඉතා කෙටියෙන් තරුෂිට සුබ පතන්නට වචන සොයා ගෙන ඇත.


“අම්මටසිරි,නියමයි නියමයි.ලංකන් ටයිගර්” යනු අර්ජුන් තරුෂිට යොමු කරන පණිවිඩයයි.
කොරියාවේ ලාංකිකයන් අඩුම ප්‍රදේශයක මේ ක්‍රීඩා උළෙල පවත්වා ඇත.ඒ නිසා කිලෝ මීටර් 200 ක් දුර ගෙවා ගෙන පැමිණි එක් ලාංකිකයෙක් පමණක් තරුෂිලාට දිරි දෙන්නට පිටියේ රැදී සිටියත්,තරගාවලියට සහභාගි වූ පිරිස තරුෂිගේ වචනයෙන්ම කියනවනම් “මාර හොඳය”


“මට 800 ඉවර වෙලා රිලේ එකට තිබුණෙ පැය එක හමාරක් වගේ කාලයක්.මාව රිකවරි කරන්න අනිත් කෝච්ලා,ටීම් එකේ කට්ටිය පුදුමු විදිහට මහන්සි වුණා.ඒක හරිම ලස්සන අත්දැකීමක්”


තරුෂි මේ සියලු ජයග්‍රහණවල ගෞරවය සිය කණ්ඩායම වෙතම පුද කරමින් පවසන්නීය.
එතකොට සුසන්නත ස්ර්”
මද නැහැඩියාවකි.දිග සුසුම් ය.
සර් නිසා තමයි මේ හැම දෙයක්ම.මා කොළොම්ඹියාවෙදි කොවිඩ් හැදුණම කාන්තා නිලධාරිණියක්වත් නැතුව සර් බලාගත්තෙ.දැනටත් ගොඩක් වටිනාකම් තියෙන ගුරුවරු ඉතාම අඩු ගාණකට මට ගෙදරට ඇවිත් උගන්නන එක පවා සර් කෝඩිනේට් කරලා දීලා තියෙන්නෙ.ඒ සර්ලා සල්ලි නැත්නම් කමක් නැහැ කියලත් කියනවා.ඒත් ඉතිං අපි දුන්න අවස්ථාවට තව දුරටත් කරදර කරන්න කැමති නැහැ.”
මට මතක් වෙන්නේ ඇයගේ හොඳම ඉන්දියන් මිතුරිය බවට පත් වූ හීනා ය.ඉකුත් දෙසැම්බරටේ ඇය ජාතික මට්ටමෙන් කණිෂ්ඨ වාර්තා තබමින් ජය ගනිද්දීම රජය සහ පෞද්ගලික අනුග්‍රාහකයන් හීනා වටා රොක් විය.ඊටත් පෙර සිට ජාතික වාර්තා කබන ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනෙන තරුෂිට තවමත් ඒ කිසිවක් නැත.ඉන්දියාවේ ජයග්‍රහණ සහ ලංකාවේ ජයග්‍රහණ අතර පරතරය වැඩිවෙමින් පවතින්නේ රටේ පුරවැසියන්ගේ ආකල්පය.පුරවැසියන් තෝරන ආණ්ඩුවල ආකල්පය.සරලව කිව්වොත් රටවල් දෙකක ව්‍යාපාරික සහ දේශපාලන වෙනසය.
ක්‍රිස්බෝ අනුග්‍රහයෙන් පමණක් යාන්තමට අවශ්‍යයතා වසාගෙන සිටි තරුෂිට සමහර විට එම අනුග්‍රහ කාල සිමා නිමා වීම සමඟ එයද අහිමිව යා හැකිය.නමුත් දැන ගන්නට ඇති හැටියට ක්‍රිස්බෝ තරුෂි අමතක කරන්න සූදානම් නැත.එහෙත් එවැනි අනුග්‍රහ වෙනුවෙන් රජය දෙන විශේෂ වරප්‍රසාදයක් වේ ද?
ක්‍රීඩාව සංවර්ධනය කරන්නට ඇති අනවබෝධය මත මෙවැනි කරුණු සිදුවන අතර ක්‍රීඩා අමාත්‍යවරයාට පෙන්විය යුත්තේ තමන්ගේ ඇමති ධුරය සඳහා ඇති ක්‍රීඩා පණත යොදා ගෙන අභිමතය පරිදි සිතූ සිතූ දේ කළ හැකි බව පමණක්ය.ඒ නිසාම දැනට ක්‍රීඩා දෙකකට ජාත්‍යන්තර තහනමක් පැන වී ඇති අතර තවත් ක්‍රීඩාවන් එවැනි ඉරණම් කරා ළඟා වෙමින් පවතින්නේය.එවැනි අවබෝධයක් ජාතික ක්‍රීඩා සභාවේ අයට,අමාත්‍යවරයාට හෝ ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ අයට ඇත්නම් තරුෂි දස්කම් දැක් වූ සංචාරයේ දී කළමණාකරු ලෙස පත් කර සිටි වෙළද සේවා මලල ක්‍රීඩා සංගිමයේ සභාපතිවරයාගේ නම ඉවත් කරයිද?


කෙසේ හෝ තරුෂි තමන් තරු ලකුණක් බව සටහන් කර අවසන්ය.සුසන්ත ප්‍රනාන්දු ප්‍රමුඛ පාලිත,ඉවෝන්,යමුනා,රශ්මි මෙන්ම ඉරංග යන ගුරුවර්න්ටද වලල විදුහල්පතිවරයා ඇතුළු සමස්ත ආචාර්ය මණඩලයට ද ඒ සාර්ථකත්වයේ පල පුද කරන්නීය .


මගේ අවසාන පැනයට තරුෂිගේ පිළිතුර “අර ගමේ අය කරපු උපහාර උත්සවයෙ පොටෝ ටික මං වට්ස්ඇප් එකට දාන්නම්” යන්නය.


ඇයගේ පෞද්ගලික ජිවිතයට බලපාන ප්‍රශ්නයක් මට මොකටද යනුවෙන් ඔබට සිතෙන්නට ඇත.එහෙත් අපි ලංකාවෙ කියන හැඟිම ඇතුව ඇයගේ ජයග්‍රහණවලදී ඉමහත් සතුටට පත් කරන අපේ පුරවැසිකම අපිව සතුටු කරන පුරවැසියෙකුගේ ජීවිතයේ අවිනිශ්චිතකම වෙනස් කිරීම සඳහා යොද ගන්නට හැකිනම්..එය රටක් හැටියට පුරවැසි වටිනාකම තේරුම්ගත් පිරිසකගේ මැදිහත්වීමක් වෙනු ඇත.


උදාහරණයකට ඔබට හිතවත් බැංකු සේවකයෙකුගේ උපකාරය ලබාගෙන රුපියල් 1000 ක ගිණුමක් තරුෂි වෙනුවෙන් අරඹන්නට හැකිනම් සහ එයට 10000 ක් දෙනා දායක වන්නේනම් එම මුදල රුපියල් 10000000 කි.එය ස්ථාවර ගිණුමක් බවට පරිවර්ථනය වූ පසු තරුෂිට සාමාන්‍යයෙන් හොඳ මාසික ආදායමක් ලැබෙනු ඇත.ඇත්තටම මහජනතාවට බලපාන අනේක විධ ගැටළු නිර්මාණය කරන,විවිධ අක්‍රමිකතා සහ දූෂන ගැන චෝදනා එල්ලවන මහජන නියෝජිතයන්ට ඡන්දය කරන්න රුපියල් 100 න් ඉහළ පරිත්‍යාග කරන්න පෝලිම්වල සිටින ජනතාවක් ඇති රටක,රටක් වටින කීඩිකාවකට රුපියල් 1000 ක් බැඟින් පරිත්‍යාග කරන 10000 ක් සොයා ගන්න අපහසු ද?


අපි තරුෂි වෙනුවෙන් බලා සිටිමු.ඇය රටකට ගේන වටිනාකම තේරුම් ගන්නට ඇයගේ ජයග්‍රහණයෙන් සතුටට පත් උඩුදුම්බර ජනතාව ඇයට දැක් වූ හරසර ගැන සටහන් ඡායෘරූපම මෙයට අලවා තබමු.
ගෝ තරුෂි ගෝ
ලෝකයේ කොතැනක උඹ හිටගත්තත් පේන මානයක නොසිටියත් අපි හදවතින් උඹ සමඟ ජයග්‍රහණයට දිරියක් වන බව සඳහන් කරනු කැමත්තෙමු!

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan