ආසියාවේ කාන්තා බලාපොරොත්තු පෙඟී දියවෙයි

Date:

මතු බලාපොරොත්තු සහිත ආසියානු කාන්තා ක්‍රිකට් සූරතාවලියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ බංගලාදේශ ඒ කණ්ඩායම අතර තරගය අද එක් පන්දුවක්වත් නො’යවා අත හැර දමන්නට සිදු විය.තරගාවලියට සහභාගි වන ආසියාවේ ක්‍රිකට් දැවන්තයන් සේ සළකන ඉන්දියාව,ශ්‍රී ලංකාව,පකිස්තානය සහ බංගලාදේශය නියෝජනය කරමින් මේ තරගාවලිය නියෝජනය කරන්නේ එම රටවල ඒ කණ්ඩායම් වන අතර එවැනි කණ්ඩායම් දෙකක හමුවීමක් මේ ආකාරයෙන් වැළකී යාම දෙපිළටම ඉදිරියට යාමට බාධාවක් විය හැකිය.

හොංකොං හී පැවත්වෙන මෙම තරගාවලියේදී මේ තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කළ අතර බංගලාදේශය මැලේසියානු කණ්ඩායම පරාජය කළේය.බංගලාදේශය මැලේසියාවට එරෙහිව විශාල ජයග්‍රහණයක් වාර්තා කළ අතර මේ තත්ත්වය යටතේ ජූනි 16 දා පැවත්වීමට නියමිත ශ්‍රි ලංකාව සහ මැලේසියාව අතරේ තරගයේ ප්‍රතිපලය බංගලාදේශයටත්,එදිනම බංගලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ ප්‍රතිපලය ශ්‍රී ලංකාවටත් අතිශයින් වැදගත්ය.

මේ අතර අද පැවත්වීමට තිබූ අනෙක් තරගය වන එකසත් අරාබි එමීර් රාජ්‍යය සහ මැලේසියානු අතර තරගයේ ප්‍රතිපලය ද 14 වන දා පැවත්වෙන තරගවලට ශ්‍රී ලංකාවට සහ බංගලාදේශයට වැදගත් බලපෑමක් එක් කරන්නට ඉඩ ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...