*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

ආසියාවේ තුන ලෝකය හමුවේ වෙනස් කර පෙන්වීමට ඇති ඉඩ ප්‍රයෝජනයට ගනිමු

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ මෙවරත් තෙවන ස්ථානයෙන් සෑහෙන්නට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට සිඳු විය.නමුත් ඔවුන්ට ලෝක කුසලාන යොවුන් තරගාවලියට දොරගුළු විවර විය.එහිදී ආසියාවේ සූරියන් සහ අනු සූරියන් වීමට අවස්ථාව නොලැබුණ ද,තමන්ට අහිමි වූ ජයග්‍රහණ වෙනුවෙන් එම කණ්ඩායම් දෙකට එරෙහිව සටන් වදින්නට අවස්ථාව ඔවුන්ට හිමිවෙනු ඇත.
තෙවන ස්ථානය සඳහා වූ තරගයේදී අවසන් පූර්ව තරගයට අප විසින් කී සුසංයෝගය දැල අසළට කැඳවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කර තිබිණ.එහි ප්‍රතිපලයක් වශයෙන් ගෝල් ෂූටර් ස්ථානයේ ක්‍රීඩා කළ භාෂි උඩගෙදර උථ්සාහ 30 න් උත්සාහ 29 ක් සාර්ථක කර ගෙන තිබිණ.ඩිල්මි විජේනායකගේ සාර්ථකත්වය උත්සාහ 23 න් 17 කි.

නමුත් මේ තරගයේදීත් වැරදි හුවමාරු කර ගැනීම් දකින්නට ලැබිණි.ඒවා නිසා ප්‍රතිවාදී පිළට ලකුණු හිමි වූ අවස්ථා ද පන්දුව හිමි වූ අවස්ථා ද තිබිණ.ගෝල් කීපර් ස්ථානයේ ක්‍රීඩා කළ ටීමි ගොනාර ගමගේ තෙවන ස්ථානය සඳහා වූ තරගයේදී පිටියට කැදවුයේම නැත.කණ්ඩායම් තරගයකදී කණ්ඩායමත් හැටියට කරන දේ ගැන තබන විශ්වාසය මිස හුදෙකලා පුද්ගලයන් මත යැපෙන්නට නොහැකිය.සමබර සහ සමාන රිද්මයක් අතුළත කළමණාකරනය වීම වැදගත් වුවත්,සමහර විට ඇය සිටියේ නම් පෙර තරගවලට සාපේක්ෂව හොංකොං ලකුණු පූවරුව ඉහළ යන්නට එයින් යම් බාධාවක් ඇති වන්නට තිබිණ.නමුත් එසේ සිදු නොවුණු අතර මුල දී පිටියට බට ක්‍රීඩිකාවන් හත සමඟ තරගයම ක්‍රිඩා කරන්නට ශ්‍රී ලංකාව තීරණය කර තිබිණ.

කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් එතරම් අවධානයක් යොමු වී නොතිබිම නිසා ඒ සම්බන්ධයෙන් විශ්වාසයෙන් කටයුතු නොකරන බව මේ තරගයේදීත් පැහැදිළි වූ අතර පළමු කාර්තුවේ දී හොංකොං පිළ ලකුණු 11 – 10 ක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නට සමත් වීය.නමුත් එවැනි මොහොතක දී පවා ටිමි ගොනාර ගමගේ පිටියට කැදවා ඇය පසුගිය තරගවලදී අවස්ථාව ලද අවස්ථාවන් හී සාර්ථක වීම යොදා නොගත්තේය.

විශේෂයෙන් තරගාවලිය අවසානයේ තේරීම නුසුදුසු බවට යම් අයගේ චෝදනාවන්ට ලක් වූ ක්‍රීඩිකාවන් අභිබවමින් කවුරුත් සාධාරණ තේරීමක් බව විහ්වාස කළ ක්‍රිඩිකාවන් අතින් වැරදි අඩු පාඩු වැඩිපුර සිඳුවන බව දැක ගන්නට ලැබුණ අවස්ථාවන් තිබිණ.එහි අර්ථය එම මොහොත කළමණාකරණයේදි නැතිනම් තරගකාරී තත්ත්වයක් තුළ සිය දක්ෂතා මානසිකව සසැලීමට නොදී රැක ගන්නට ඇති ඉඩකඩ ඇත්තේ කා සතුවද යන්න සළකා බැලීම ද වැදගත් බවය.
නමුත් අවධානය යොමු නොවුණු වැදගත්ම දේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම යටතේ උපදේශනයට යටත්ව තරග අත්දැකීම් ලැබීමට වඩා වෙනස්ව සටන්කාමී තරග අත්දැකීම් කිහිපයක් මේ ක්‍රීඩිකාවන් සතු වීනම් වැදගත්ය.එසේම ජාතික මට්ටමේ තරගාවලිවලදී ද වැඩි අවස්ථාවන් හමුවන්නේ එළිමහන් ක්‍රිඩා පිටිවල ක්‍රීඩා කරන්නටය.එම තත්ත්වය වැඩි අවස්ථාවන් ගෘහස්ත තත්ත්වයට පත්වන තරග අත්දැකීම් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ලැබෙන්නට තිබිණ.
කෙසේ හෝ ගිය නුවණ ඇතුන් ලවා ඇද්දවිය නොහැකිය.මේ කණ්ඩායම ඉදිරි තරගාවලිය සඳහා නොකඩවා පුහුණුවේ රඳවා ගැනීම වැදගත්ය.ගත හැකි සෑම උත්සාහයක්ම ගෙන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට තරග අත්දැකීම් ලබා දෙන්නට හැකිනම් එම තත්ත්වය ලෝක කුසලානයේ දී කීර්තිමත් වෙනසකට හේතු විය හැති ඉඩ බොහෝය.

එසේම අවසාන පූර්ව තරගවලට පෙරාතුව ශ්‍රී ලංකාව අදාළ පුහුණු සැසිවලට සහභාගි කරවීම අතපසුවිණි ද?එය සාධාරණව සහ යුක්ති සහගතව විසඳිය යුතුය.එහිදී වඩාත් යහපත් නෝනා මහත්මියක සේ කටයුතු කරමින් එම අඩු පාඩුව වෙනුවෙන් ඉල්ලා අස්වීම වුව ද,ලංකාව වැනි රටක එවැනි ස්වයං විවේචනාත්මක ක්‍රියාවන් සහික ඉහළ ක්‍රියාකාරකම් බලාපොරොත්තු විය නොහැකිය.ඒ නිසා එම කරුණු නිවැරදිව සැළකිල්ලට ගෙන අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට නෙට්බෝල් සංගමයට ඇති කොන්ද ගැන ද අපි විමසිල්ලෙන් පසුවන්නෙමු.
එසේම අවසාන පූර්ව තරග නැරඹීමට ක්‍රීඩිකාවන්ගේ මනස සසැලීමට ලක් වේය යන අදහසේ සිට කටයුත් කරන්න මැදිහත් වූයේ පුහුණුකාරියන්නම් ඔවුන්ට එවැනි ක්‍රියාවකින් ක්‍රීඩිකාවන්ගේ මනස ශක්තිමත් වීම වෙනුවට ඔවුන්ට හොද මානසික ශක්තියක් නොමැති බව ඒත්තු ගැන්වෙන බව පැහැදිළි කර දිය යුතුය.එය අවවාදාත්මක සටහනක් වීම ද වැදගත්ය.නයා දරණයට ගෙන මිටි බැඳ ගෙන යාමට නොතබා පෙනය සහිතව පිඹ පෙන්වීම වැදගත්ය.ඒ පෞරුෂය සහිත නායකත්වයක් නෙට්බෝල් පරිපාලනයට තිබෙන්නේද යන්න පිළිබදව අපි විමසිල්මත් වන අතර මෙවැනි තත්ත්වයන් හිත් රිදවීම් වළක්වා ගන්නට සාකච්ඡාවට ගැන්මෙන් වළකින නිලධාරීන් ක්‍රීඩාවට කරන්නේ දැඩි හානියක් බව ද අපි මතක් කර දෙනු කැමැත්තෙමු.

මනසින් සසැලීම,එකම රද්මයකට යටත් එකම රටාවක් ඇතුළත තරගාවලිය පුරාම හැසිරීම ශ්‍රී ලංකාවේ පරාජයේ හේකුව බව කියාවා ගන්නට වගකීමෙන් කටයුතු කරන්නට හැකියාව සහිතව ලෝක කුසලානය වෙනුවෙන් සුදානම් විය යුතුය.ඒ හැරෙන්නට අරයාගේ අඩුව,මෙයාගේ අඩුව වැනි කණ්ඩායම් ක්‍රීඩාවක එක පුද්ගලයෙක්ට තරගය වෙනස් කළ හැකි බව සිතෙනවානම් එවැනි පෞද්ගලික දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් අවසන් අටට එන කණ්ඩායම් අතර පමණක් නොව ඕනෑම කණ්ඩායමක සිටිය හැකි බව තේරීම් ගැන විරෝධී අදහස් දැක් වූ අය පිළිගත යුතු වන්නෙමු.එසේම එවැනි අඩුවක් තිබුණානම් ඒ අඩුව පිරවීමේදී ඉවත් විය යුත්තේ කවුරුන්ද යන්නත්,එය සනාත කිරීමට සමස්ත කණ්ඩායමේ දක්ෂතා පිළිබද දත්තත්,නුසුදුසු යැයි කියන්නාගේ තරග වැදීමේ දත්තත් සාක්ෂි සහිතව ඉදිරිපත් කළ යුතුය.

දැන් අප තරගාවලිය දැක ඇත.ඒ නිසා අඩු පාඩු ද දැක ඇත.හරියටම අඩුවක් වී නම් ඒ කවුරුන් ද යන්නත් අවබෝධ කරගන්නට ඒ හරහා මඟ පෑදි ඇත.එපමණය.දැන් ඇත්තේ ඒ තරගාවලිය තුළ දුටු වැරදි අවම කරගෙන සහ නැති කරගෙන උත්සාහය සහිතව මේ කණ්ඩායමට වැඩි තරගකාරී අවස්ථාවන් ලබා දීමය.යන විට ජයග්‍රහණයට අවශ්‍යය රහස් මතුරන ක්‍රිඩා අමාත්‍යවරයා අඩුම තරමේ මේ තරග දැන් හරි නරඹනවානම් ඇත්තටම වැරදුනු තැන් නෙට්බෝල් තාක්ෂණය පරතේරට නොදත්තේ වුව දැණෙනු ඇත.පුළුවන්නම් තරග නොබලා දිනන රහස් මන්තර නොකියා මේ කණ්ඩායම ලෝක කුසලානයට යාමට පෙර දැඩි තරගකාරී අත්දැකීම් කිහිපයක් ලැබෙන සේ මේ යොවුන් ක්‍රීඩිකාවන්ට අවස්ථාව දීමට මැදිහත් විය යුතුය.එය මන්තරයක් නොව සුවිශාල ශාන්ති කර්මයක් වනු ඇත.

එසේම ක්‍රීඩාවේ ක්‍රීඩාවෙන් ලබා ගන්නා ජය මෙන්ම ඊට අදාළ අනෙකුත් විෂයන්හී ප්‍රගමනය සහ විශිෂ්ඨත්වය ද වැදගත්ය.ඒ ආකාරයෙන් බලනකොට එරංග සිතාරගේ දායකත්වයද ශ්‍රී ලාංකේය නෙට්බෝල් ක්‍රීඩිාවේම ජයග්‍රහණයක්ය.ඔහු විසින් ආසියාවේ යොවුන් රැජිණන් තීරණය කරන අවසාන මොහොත නිරීක්ෂණය ට සුදුසු විනිසුරුවෙක් ලෙස තෝරා ගැනීමත් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ජයග්‍රහණයක්ම ලෙස සැළකිය යුතුය.
අවසාන තරගයේදී මැලේසියාව ජයග්‍රහණය කළ ද එයට අවසාන මහා තරගයක තිබිය යුතු තියුණු බව දෙන්නට සිංගප්පූරුව සමත් වුණා.අවසාන මොහොත වන විට ජයග්‍රාහි ඉදිරිය බේරා ගැනීම සඳහා තීරණාත්මක සටනට මැලේසියාවට ඒමට සිදු වුණා.නමුත් තරගයේ මුල ලබා ගත් වාසිය සුරක්ෂිත කර ගනිමින් ලකුණු 49 = 45 ක් ලෙස වැඩිම වරක් තමන් සතුව පවතින ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවය නැවත වරක් මැලේසියාව වෙත රැඟෙන යන්නට ඔවුන්ට හැකි වුණා.

නමුත් මේ යොවුන් කණ්ඩායම් මෝරා වැඩෙන විට යොවුන් කණ්ඩායම් හැටියට මෙන්ම ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් හැටියටත් ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට වඩා තරග අවස්ථා සහ පහසුකම් මැලේසියාවට සහ සිංගප්පූරුවට ලැබෙද්දිත් ශ්‍රී ලංකාව වැඩිම වරක් නෙට්බෝල් රැජිණන් සේ වැජඹීම අපේ රටේ ක්‍රීඩිකාවන් සහ පුහුණුකාරියන්ගේ තත්ත්වය තේරුම් ගැනීමට හොද අවස්ථාවකි.අවම පහසුකම් යටතේ ඉහළ දස්කම් දැක්වීමට ඇඟට ඇකි හයිය මෙන්ම හිතට ඇති හයිය ද ගරු කළ යුතු බව අපේ විශ්වාසය වන අතර වරින්වර ඇදෙන කෙහෙවලු පටලා ගැනීම් සහිත වෘත්තීයමය භාවයෙන් තොර ගෝත්‍රික ගති ලක්ෂණ නොපෙන්වනවානම්,ක්‍රීඩාවට අවංකව සහ සාධාරණව කැප වේනම් මේ ක්‍රීඩක හයියට සහ පුහුණු හයියට ලැබෙන නිවැරදි ඉඩකඩ ආසියාවේ නෙට්බෝලයේ ශ්‍රී ලංකාව ලබා ඇති කීර්තිය සදාකාලයටම රැක දෙනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan